ඵලදායීව ආරවුල් නිරාකරණයට සහාය වීමේ (SEDR) ව්‍යාපෘතිය, Active Citizens වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ පළමු අදියර සාර්ථකව නිම කරයි.

SEDR යනු බි්‍රතාන්‍්‍ය කවුන්සිලය මඟින් ක්‍රියාත්මක කරන ලද සහ ශ්‍රී ලංකාව තුළ
ප්‍රතියෝජනය, ප්‍රතිසන්ධාන සහ සියලුදෙනාගේ ප්‍රජාතන්ත්‍රවාදී මැදිහත්වීම ශක්තිමත්
කිරීමේ (STRIDE) යන තම වැඩසටහනේ කොටසක් ලෙස යුරෝපා සංගමය විසින් අරමුදල්
සපයනු ලබන, සිව් වසරක යුක්ති ප්‍රවේශ ව්‍යාපෘතියකි. SEDR හි පරමාර්ථය වන්නේ,
සාමකාමී සහජීවනය සහ සාධාරණ සහ යුක්තිගරුක ශ්‍රී ලංකාවක් සඳහා වූ අපේක්ෂාවයි.
2021 දෙසැම්බර් සිට 2022 ජූනි දක්වා කාලය තුළ SEDR විසින්, ප්‍රජා ගැටලු විසඳීමට සහ
ප්‍රජා ආරවුල් නිරාකරණය වැඩිදියුණු කිරීමට, ස්ථානීය ආරවුල් නිරාකරණය සහ සමාජීය
අන්තර්කරණය වෙත දැඩි අවධානයක් සහිතව විශේෂයෙන් සකසන ලද SEDR Active
Citizens වැඩසටහන් තුනක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම අරඹන ලදී. SEDR හි ඉලක්ක
පළාත් තුනෙහිම (උතුර, නැගෙනහිර සහ ඌව) මෙම වැඩසටහන් පවත්වන ලද අතර, පළමු
අදියර නොබෝදා සාර්ථකව අවසන් විය.
Active Citizens යනු අන්තර් සංස්කෘතික සංවාදය මෙන්ම ප්‍රජාව විසින් මෙහෙයවන සමාජ
සංවර්ධනය ප්‍රවර්ධනය කරමින්, ප්‍රජාවන් තුළ සහ ප්‍රජාවන් අතර විශ්වාසය
ගොඩනගමින් වසර 10 කට වැඩි කාලයක් බි්‍රතාන්‍්‍ය කවුන්සිලය විසින් ලොව පුරා
සාර්ථකව මෙහෙයවනු ලබන සමාජ නායකත්ව පුහුණු ක්‍රමවේදයකි. මෙම ක්‍රමවේදය
ප්‍රජා මට්ටමේ ආරවුල් නිරාකරණයේදී, විකල්ප ආරවුල් නිරාකරණ යාන්ත්‍රණයන්ට සහාය
වීම සඳහා වූ SEDR හි ප්‍රවේශයට වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

සෑම පළාතකම CSO හවුල්කාර සංවිධානවල සහයෝගය සහ මගපෙන්වීම සමඟ, SEDR
Active Citizens වැඩසටහන විසින්, සෑම දිනකම යම් ප්‍රජාවක් සමඟ වැඩ කිරීමේ විවිධ අංශ
කෙරෙහි අවධානය යොමු කරන ලද දින පහක පුහුණුවක් ලැබූ සහභාගිවන්නන් සමඟ වැඩ
කරන ලදී.

පුහුණුව තුළින් ලබා දෙන කුසලතා අතරට තම අනන්‍යතාවය සහ සංස්කෘතිය පිළිබඳ ස්වයං
දැනුවත්භාවය, විශ්වාසය සහ අන්තර් පුද්ගල සබඳතා ගොඩනැගීම, සංවාදය දිරිමත් කිරීම
සහ පහසු කිරීම සඳහා මෙවලම් සහ ශිල්පීය ක්‍රම ගවේෂණය කිරීම, ගැටළු හඳුනා ගැනීම,
ගැටළු විසඳීම, සමාජ එකමුතුභාවය ප්‍රවර්ධනය කිරීම සහ ආරවුල් කළමනාකරණය සහ
නායකත්වය ද ඇතුළත් විය.

SEDR SEDR Active Citizenප්‍රජාවක සිටින්නාවූ විවිධ රුචිකත්වයන් සහ කුසලතා ඇති
පුද්ගලයින් සමඟ සම්බන්ධ වෙති. අනතුරුව, තරුණ ස්වේච්ඡා සේවකයන්ගේ සිට රාජ්‍ය සහ
රාජ්‍ය නොවන පාර්ශවකරුවන් දක්වා ඔවුන්ගේ ප්‍රජාවන්ගේ සහයෝගය ඇතිව ප්‍රජාව තුළ
සැලසුම් කර කළමනාකරණය කර ක්‍රියාත්මක කරන ලද විශේෂිත ප්‍රජා මැදිහත්වීමක්
(සමාජ ක්‍රියාකාරී ව්‍යාපෘති) හරහා ඔවුන් මෙම කුසලතා ක්‍රියාවට නංවති. 2022 මාර්තු සිට
ජූනි දක්වා, SEDR Active Citizens විසින් ඔවුන්ගේ ප්‍රජාවන් මුහුණ දෙන ගැටළු සහ ආරවුල්
පිළිබඳව අවධානය යොමු කරන ලද සමාජ ක්‍රියාකාරී ව්‍යාපෘති 15ක් ලබා දෙන ලදී.

මොණරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර ප්‍රදේශයේ තරුණ සහභාගිවන්නෙකු පැවසුවේ,
“මගේ SEDR AC ගමනේ දී, වැඩමුළුවේදී මම ඉගෙන ගත් සමහර පාඩම් නම්, විශේෂයෙන්
ගැටුම් ගස, සංසද රඟහල, ඒ වගේම භූමිකා නාට්‍ය එකම ප්‍රජාවකට සීමා නොවී, ඔවුන්
කුමන ආගමකට හෝ ජනවර්ගයකට අයත් වුවද සියල්ලන්ටම අදාළ වීම. මම එම
ස්ථානයෙන් පිටව යාමට සූදානම් වූ විට, මගේ දෙමළ නේවාසික මිතුරන්ට අපේ ගමට
පැමිණෙන ලෙස ආරාධනා කරන්නත් මම අමතක කළේ නැහැ. ඒ වගේම මේ මිතුරන් මා සහ
අනෙකුත් සිංහල මිතුරන් ඔවුන්ගේ වතුවල ඔවුන්ගේ ආගන්තුකයන් ලෙස පැමිණෙන්නත්
ආරාධනා කළා.”

SEDR කණ්ඩායමේ නායක ජැක් කාර්ස්ටන්ස්ථ “බි්‍රතාන්‍්‍ය කවුන්සිලයේ Active Citizens
ආකෘතිය ශ්‍රී ලංකාවේ ප්‍රජා මට්ටමේ ආරවුල් නිරාකරණ ප්‍රයත්නයන් ශක්තිමත් කිරීමේ
SEDR හි අභිලාෂය සඳහා ඉතා සුදුසු බව ඔප්පු වී ඇත. කාන්තාවන් සහ තරුණ ස්වේච්ඡා
සේවකයන් Active Citizens ප්‍රවේශයෙන් වර්ධනය වී ප්‍රතිලාභ ලබාගෙන ඇති ආකාරය සහ
ඔවුන්ගේම ප්‍රාදේශීය ප්‍රජාවන්ට බලපාන ගැටුම්වල මූල හේතුන් කිහිපයක් විසඳීමට
ඔවුන්ගේ නව දැනුම් සහ කුසලතා භාවිතා කරන ආකාරය දැකීම ඉතා දිරිගන්වන සුළුය.”
යනුවෙන් අදහස් දැක්වීය.

Active Citizens ආකෘතිය භාවිතා කරමින්, SEDR Active Citizens වැඩසටහනේ 2 වන අදියර
හරහා දේශීය තරුණ හා කාන්තා ශූර ශූරියන්ගේ ධාරිතාව තවදුරටත් ගොඩනැංවීම සහ ශ්‍රී
ලංකාවේ උතුරු, ඌව සහ නැගෙනහිර පළාත්වල ප්‍රජාවන් තුළ සියල්ලන් අන්තර්ගතවූ,
සන්දර්භීය වශයෙන් අදාළ සහ ධනාත්මක වෙනසක් ඇති කරන සමාජ ක්‍රියාකාරී ව්‍යාපෘති
ලබා දීමට ඔවුන්ට සහාය වීම SEDR අරමුණු කරයි.

පසුගිය මාස කිහිපය පුරාවට SEDR – Active Citizens ගමන් මගෙහි කොටසක් නැරඹීමට
මෙතැන ක්ලික් කරන්න. (add link to website with videos and pics)

SEDR පිළිබඳව
ඵලදායීව ආරවුල් නිරාකරණයට සහයවීමේ (SEDR) ව්‍යාපෘතිය යනු යුරෝපා සංගමයේ මුල්‍ය
අනුග්‍රාහකත්වයෙන්, ආසියානු පදනම සමඟ එක්ව බ්‍රිතාන්‍ය කවුන්සිලය මඟින්
ක්‍රියාත්මක කෙරෙන වසර හතරක යුක්ති ප්‍රවේශ ව්‍යාපෘතියකි. මෙය යුරෝපා සංගමය
මඟින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ප්‍රතියෝජනය, ප්‍රතිසන්ධාන සහ සියලූදෙනාගේ
ප්‍රජාතන්ත්‍රවාදී මැදිහත්වීම ශක්තිමත් කිරීමේ (SEDR) වැඩපිළිවෙලට අයත් එක් අංගයක්
වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *