කොයිකා විද්‍යාර්ථීන්ගේ (ශ්‍රී ලංකා) සංගමයේ වෙබ් අඩවිය දියත් කිරීම

කොයිකා විද්‍යාර්ථීන්ගේ (ශ්‍රී ලංකා) සංගමය වෙනුවෙන් නිර්මාණිත පරිගණක වෙබ් අඩවිය පසුගියදා, කොළඹ KOICA ප්‍රධාන කාර්යාලයේදී එළිදක්වන ලදී. මෙය දිගු කලක සිට පැවති අවශ්‍යතාවක් සම්පූර්ණ කිරීමකි.

කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (KOICA) අධ්‍යක්ෂිකා Myungjin Kim මහත්මිය වෙබ් අඩවිය දියත් කළාය.

KOICA ජ්‍යෙෂ්ඨ කළමනාකාර Soyoung Heu මහත්මිය, කොයිකා විද්‍යාර්ථීන්ගේ සංගමයේ සභාපති රොෂාන් සේරසිංහ මහතා, ලේකම් ධර්මානන්ද විජේසිංහ මහතා, ආසන්න පෙර සභාපති සේනක කුමාරසිංහ මහතා, ජ්‍යෙෂ්ඨ උප සභාපති කවීන්ද්‍ර ජයවර්ධන මහතා, උප සභාපති ධීමතී පෙරියප්පෙරුම මහත්මිය, භාණ්ඩාගාරික එරන්දි ලියනගේ මහත්මිය, කර්තෘ සමන්ත මහතා, අභ්‍යන්තර විගණක ශාන්ති විතානගේ මහත්මිය ඇතුළුව KOICA හි ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ AKOFE හි විධායක කමිටු සාමාජිකයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.

නව වෙබ් අඩවිය සමඟින් කොයිකා විද්‍යාර්ථීන්ගේ (ශ්‍රී ලංකා) සංගමය විසින් සිදුකරනු ලබන සියලුම ක්‍රියාකාරකම්වල තොරතුරු, එහි සාමාජිකයින් වෙත සහ බාහිර පාර්ශ්ව වෙත ක්ෂණිකව සන්නිවේදනය කිරීමට හැකිවේ. එසේම ඉදිරි ක්‍රියාකාරකම්, ඉදිරි ව්‍යාපෘති සහ ශාස්ත්‍රීය දැනුම බෙදා හැරීම සඳහා සිදු කරන සම්මන්ත්‍රණ පිළිබඳ විස්තර ද වෙබ් අඩවියට ඇතුළත් කර ඇත. කොයිකා විද්‍යාර්ථීන්ගේ (ශ්‍රී ලංකා) සංගමයට පැය 24 පුරාම “ගෝලීය පැවැත්මක්” ලබා ගැනීමට හැකි වන අතර රටවල් 40 කට අධික සංඛ්‍යාවක සිටින KOICA සංගම් සමඟ අන්තර් සන්නිවේදනයන්ද පවත්වා ගත හැකි වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *