විනෝදයෙන් සහ දැනුමෙන් සපිරි ක්‍රියාකාරකම් රාශියක් සමඟින් SLT-MOBITEL ලෝක ළමා දිනය සමරයි

SLT-MOBITEL විසින් ලෝක ළමා දිනය සැමරීම සඳහා සංවිධානය කරන ලද විශේෂ විනෝද
වැඩසටහනක් පසුගියදා මෝදර මුතුවැල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට
මෝදර සහ ඒ අවට ප්‍රදේශවල ළමුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගී විය.
මෙහිදී, චිත්‍ර තරඟ, e- Sports, මැජික් සන්දර්ශන, නාට්‍ය සහ අධ්‍යාපනික වැඩසටහන්
ඇතුළු ක්‍රියාකාරකම්වල නිරත වීමට දරුවන්ට අවස්ථාව උදා විය. තව ද, SLT-
MOBITEL eChannelling සේවාව හරහා වැඩිහිටියන් සඳහා නොමිලේ වෛද්‍ය පරීක්‍ෂණ
පහසුකම් සැපයීමට ද සමාගම කටයුතු කරන ලදී.
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු වන, SLT-MOBITEL
අනාගත පරපුර තුළ යහපත් පුරුදු ඇති කිරීමට මෙන්ම ඔවුන්ගේ කුසලතා වැඩිදියුණු
කරමින් ඔවුන් ජාතියට සම්පතක් බවට පත් කිරීමට කැපවී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *