22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

මිල සූත්‍රයේ මිලෙන් කොටසක් ලිට්රෝ සමාගම දරාගෙන සිය ගෑස් මිල වැඩි කරයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වල මිල වැඩිවන බව ලිට්‍රෝ ගෑස් සමාගම විසින් නිවේදනය කර තිබේ.

මිල සූත්‍රයට අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 210කට ආසන්න මුදලකින් මිල සංශෝධනය කල යුතුව තිබුනද රු. 80 කින් මිල වැඩි කර පාරිභෝගිකයාගෙන් පසුගිය සමයේ ලැබූ ලාභාංශ මගින් එම ඉතිරි මුදල තම සමාගම දරණ බවත්, එමගින් සිය පාරිභෝගිකයින්ට එම වාසිය ලබාදීමට තම සමාගමේ කලමණාකාරිත්වය තීරණයකල බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රු. 80කින්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරය රු. 30 කින් සහ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රු. 15 කින් ඉහළ දමා ඇත.

මිල සංශෝධනයත් සමග කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,360ක් වන අතර කිලෝග්‍රෑම් 5, රුපියල් 1,750ක් දක්වාත් කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරය රුපියල් 815ක් දක්වාත් ඉහළ ගොස් ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz