22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

පාසල් විෂය නිර්දේශයට බයිලා කලාව ඇතුල් කරන්නයි ඉල්ලීමක්…

අපේ රටේ බයිලා කලාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් සමස්ථ ලංකා සරල බයිලා සංගමයේ නියෝජිත කලා ශිල්පීන් සමඟ සාකච්ඡාවක් පසුගිය (නොවැ.01) දා සෙත්සිරිපාය, සංස්කෘතික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

බයිලා ගායන – වාදන රසවින්දන වැඩසටහන් ඉදිරිපත් කිරීමට විද්‍යත් මාධ්‍ය නාලිකාවන්ට යෝජනා ඉදිරිපත් කිරීම, සංස්කෘතික මධ්‍යස්ථාන මගින් බයිලා සංගීත වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට බයිලා කලාව ඇතුලත් කර ගැනීම සඳහා අධ්‍යාපන උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනා ඉදිරිපත් කිරීම, සංස්කෘතික සම්මාන උළෙල හිදී බයිලා ගායන ශිල්පීන් ඇගයීම සඳහා සම්මාන පිරිනැමීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සලකා බැලීම, විද්‍යුත් මාධ්‍යන් තුළින් බයිලා වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමට යෝජනා ඉදිරපත් කිරීම, එම කලා ශිල්පීන් ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණෙන් අමාත්‍යංශය මැදිහත්ව ප්‍රවේශ පත්‍ර සංදර්ශන පැවැත්වීමට කටයුතු කිරීම සහ කලා ශිල්පී රක්ෂණ යෝජනා ක්‍රමයට එම කලා ශිල්පීන් ඇතුලත් කිරීමේ වැඩපිළිවලක් සකස් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද ඔවුන් ඉදිරිපත් කළ ඉල්ලීම් අනුව සාකච්ඡා කෙරුණා.

සමස්ථ ලංකා සරල බයිලා සංගමය නියෝජනය කරමින් ආර්. සුමතිපාල පෙරේරා, මනුජ ගුරුගේ ඇතුළු කලා ශිල්පීන් පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වුණා. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්තුමන්, අතිරේක ලේකම්වරුන්, සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමිය ඇතුළු ආයතනික ප්‍රධානීන් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වුණා. විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක මැතිතුමා ද මෙම සාකච්ඡාව සඳහා එක් වී සිටියා.

https://www.facebook.com/photo/?fbid=673759120782978&set=pcb.673759240782966

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz