වඩාත් උත්තරීතර සේවාවක් සදහා කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී

ලංකා බැංකුව සමග ගිවිසුම් ගත වෙයි

1999 වර්ෂයේ දී හුදෙක් නාගරික ප‍්‍රදේශයන්ට පමණක් සීමාව තිබු
රක්‍ෂණ සේවාව, ග‍්‍රාමිය ජනතාව වෙනුවෙන් සමීප කිරීමේ
පුරෝගාමීයා ලෙස මෙරට රක්‍ෂණ ව්‍යාපාරයට පැමිණි කෝපරේටිව්
ඉන්ෂුවරන්ස් පීඑල්සී, අද වනවිට මෙරට රක්‍ෂණ කර්මාන්තයේ කෙටි
කාලයක් ඇතුලත වැඩිම වර්ධන වේගයක් සනිටුහන් කර රක්‍ෂණ
සමාගම් අතර ඉදිරියෙන්ම සිටින සමාගමකි.
සිය ගමනේ තවත් අභිමානවත් පියවරක් තබමින් කෝපරේටිව්
ඉන්ෂුවරන්ස් පීඑල්සී සිය ගනුදෙනුකරුවන්ට උපරිම සේවාවක්
සැලසීමේ අරමුණින් යුතුව මෙරට ප‍්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන
ලංකා බැංකුව සමග රක්‍ෂණ ගිවිසුමකට (රථවාහන හා ගිණි) එළඹිම
පසුගිය ඔක්තෝම්බර් 27 වෙනිදා සිදුවිය.
මෙමගින් ලංකා බැංකුවෙන් ලබාගනු ලබන ණය සහ ලීසිං පහසුකමි
සදහා කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සි මගින් සපයනු ලබන රක්‍ෂණ
පහසුකම් ලබාගැනීමේ හැකියාව ලංකා බැංකු ගනුදෙනුකරුවන්ට
හිමිවේ.
මෙරට සුවහසක් ශ‍්‍රී ලාංකීකයන්ට පුරා වසර 83කට අධික කාලයක්
විස්වානීයත්වයෙන් යුතු බැංකු පහසුකම් ලබාදුන් ලංකා බැංකුව සමග
ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට රක්‍ෂණ පහසුකම් සැපයිමේ ප‍්‍රධාන
රක්‍ෂකයෙකු ලෙස ගිවිසුම් ගතවිමට හැකිවිම කෝපරේටිව්
ඉන්ෂුවරන්ස් පීඑල්සී ලබගත් තවත් ජයග‍්‍රහණයක් බව සමාගමේ
ගරු සභාපති සුසිල් වීරසේකර මහතා එම අවස්ථාවේදී අදහස්
දක්වමින් පවසා සිටියේය.
මෙවන් ආර්ථික ව්‍යාසනයට මුහුණ දි ඇති විටක ලංකා බැංකු
ගනුදෙනුකරුවන්හට ද සිය මොටර් රථ, නිවාස ඇතුළු වත්කම් සදහා
දිවයිනේ අඩුම රක්‍ෂණ වාරිකයක වාසියක් පිරිනැමීට හැකීවිම පිළිබද

තමන් ඉතා සතුටු වන බව කෝපරේටිව් ඉන්ෂුවරන්ස් පීඑල්සී හි
කළමණාකරණ අධ්‍යක්‍ෂ උදය කුමාර මහතා පැවසීය.
පුංවි මිනිසාගේ දුක නිවැරදිව හදුනාගත් කෝපරේටිව් ඉන්ෂුවරන්ස්
පීඑල්සී හා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ මූල්‍ය ආයතනය වන ලංකා බැංකුව
මෙවැනි ගිවිසුමට එළඹිම බොහෝ ශී‍්‍ර ලංකීකයින් හට සිය බැංකු
සහ රක්‍ෂණ කටයුතු වලදී විශාල වාසියක් උදාවේ යැයි විස්වාස කල
හැකිය. විශේෂයෙන්ම මෙරට රක්‍ෂණ කර්මාන්තයේ තෙවෙනි
විශාලතම සේවා ජාලයට හිමිකම් කියන කෝපරේටිව් ඉන්ෂුවරන්ස්
පීඑල්සී සහ මෙරට බැංකු ක්ෂේත‍්‍රයේ විශාලතම ශාඛා ජාලයකට
හිමිකම් කියන ලංකා බැංකුව සමග ගිවිසුම් ගතවිම සැබැවින්ම
ආයතන දෙකෙහිම ගනුදෙනුකරුවන් ලබාගත් සුවිශේෂි
ජයග‍්‍රහණයකී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *