CDB ආයතනය ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයේදී තවත් සමාජ සත්කාරයක

මෝදර – පොල්වත්ත වෙරළ තීරයේ මීටර් 800 ක දුරක් පිරිසිදු කිරීම සඳහා
150 කට ආසන්න කණ්ඩායම් සාමාජිකයන් පිරිසක් එක්වෙති

පසුගියදා සැමරූ ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය වෙනුවෙන්, පානදුර ධීවර වරාය ආසන්නයේ මෝදර –
පොල්වත්ත වෙරළ තීරයේ මීටර් 800 ක පමණ ප්‍රදේශයක් පිරිසිදු කිරීමට සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස්
ෆිනෑන්ස් පීඑල්සී (CDB) කාර්ය මණ්ඩලය කටයුතු කළහ. මේ සඳහා Biodiversity Sri Lanka (BSL)
සංවිධානයේ සහ ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහයෝගයද හිමි විය. එගොඩ උයන
ප්‍රදේශයේ සිට දකුණු දෙසට විහිදෙන මෙම වෙරළ තීරය පිරිසිදු කිරීම සඳහා CDB කාර්යමණ්ඩලයේ පවුල් වල
සාමාජික සාමාජිකාවන්ද දායක වීම විශේෂත්වයකි.
Biodiversity Sri Lanka, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු
ආයතන හා සංවිධාන රැසක් සමග එක්ව ක්‍රියාවට නංවනු ලබන ‘Life to our Beaches’ ව්‍යාපෘතියෙහි තවත්
අදියරක් ලෙස මෙම සමාජ සත්කාරය ක්‍රියාත්මක කරන ලදි. රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර මෙන්ම ප්‍රජාව
සමග පවත්වාගෙන යන හවුල්කාරීත්වයක් වන මෙය, ශ්‍රී ලංකාවේ වෙරළ තීරය රැකගැනීම පිළිබඳව මෙන්ම
වෙරළාශ්‍රිතව ජීවත් වන ප්‍රජාවන්ගේ යහපත පිළිබඳවද දැඩි අවධානයක් යොමුකරයි.
වෙරළ තීරයේ ජනාවාස සීමිත වුවත්, මෝසම් සමයේදී ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඇතුළු අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක්
වෙරළ තීරයට ගොඩගසයි. මේ නිසා සාගර ජීවීන්ට මෙන්ම වෙරළබඩ ජනතාවටද ගැටලු රාශියකට මුහුණපෑමට
සිදු වේ. මෙම ගැටලු හඳුනා ගනිමින්, සාගර දූෂණය මෙන්ම වගකීම් විරහිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම
අවම කිරීමේ වැදගත්කම අවබෝධ කරගැනීමට CDB කණ්ඩායමට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මේ
හරහා අවස්ථාව ලැබිණි.
“ශ්‍රී ලංකාවේ බස්නාහිර හා දකුණු වෙරළ ආශ්‍රිතව මෙරට ජනගහනයෙන් 40% ක වැඩි ප්‍රමාණයක් ජීවත්
වනවා. එමෙන්ම එය රටේ වැඩියෙන්ම පරිසර දූෂණයට මුහුණ පා ඇති වෙරළ තීරයන්ගෙන් එකක්. දිගු කාලයක
පටන් පරිසරයේ යහපත වෙනුවෙන් අර්ථවත් මැදිහත්වීම් සිදුකිරීමට අප උත්සාහ කරනවා. එය සමාගමක් වශයෙන්
අපගේ යුතුකම් හා වගකීම් ඉටුකරමින්, සමාජ, ආර්ථික හා පාරිසරික වශයෙන් යහපත උදාකිරීම සඳහා අප ගන්නා
උත්සාහයේ එක් වැදගත් අංගයක්. අපගේ අරමුණ වන්නේ, මානව හා සාගර ජීවය මෙන්ම වෙරළ තීරයන්හි
වෙසෙන ප්‍රජාවන්ගේ ජීවනාලිය වන සාගරයන් ඇතුළුව සමස්ත පෘථිවිය ආරක්ෂා කරගැනීම සඳහා දායක වීමයි.
වෙරළ පිරිසිදු කිරීම යනු එම උත්සාහයේ එක් ප්‍රධාන අංගයක්. එය සරල ක්‍රියාවලියක් ඔස්සේ පාරිසරික
තිරසාරත්වය සම්බන්ධ අපගේ න්‍යායපත්‍රය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට මහෝපකාරී වනවා. මේ සියලු
උත්සාහයන් මිහිමත ජීවය ආරක්ෂා කරගැනීමට කේන්ද්‍රීය දායකත්වයක් දක්වන බව අපගේ විශ්වාසයයි.” CDB
සමාගමේ අධ්‍යක්ෂ/නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන මූල්‍ය නිලධාරී දමිත් තෙන්නකෝන් මහතා
පැවසී ය.
CDB සමාගමේ කණ්ඩායම් සාමාජිකයන් නිරතුරුවම මෙවන් වූ ආයතනික ප්‍රජා සත්කාරයන් සඳහා නොමඳව දායක වන අතර මෙහිදී තිරසාරත්වය යන මූලික සංකල්පය යටතේ කණ්ඩායම් සාමාජිකයන් අතර විනිවිදභාවය, වගවීම, වගකීම්සහගත බව සහ අවංකභාවය යනාදී ගුණාංග වල වැදගත්කම ප්‍රවර්ධනය කරනු ලබයි. එසේම,
CDB ‘Engaging Mindful Team Members’ යන තේමාව යටතේ කණ්ඩායම් සාමාජිකයින් එකමුතු කරගනිමින්ස මාගමේ කාබන් පියසටහන අවම කිරීමටත්, සමස්තයක් ලෙස සමාගමේ තිරසාරත්ව මෙහෙවරෙහි නායකයන් හා ක්‍රියාකාරීන් ලෙස කටයුතු කිරීමටත් ඔවුන් දිරිගන්වනු ලබයි.

CDB සමාගමේ ‘Life to our Beaches’ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාවට නැංවූ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනේදී එක්රැස් වූ කිලෝග්‍රෑම් 75ක වීදුරු සහ කිලෝග්‍රෑම් 312.5ක අනෙකුත් කසළ
ප්‍රමාණය සහ එම වැඩසටහනට දායක වූ පිරිස
CDB කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් එක් වී පානදුර ධීවර
වරාය ආසන්නයේ මෝදර – පොල්වත්ත වෙරළතීරයේ මීටර් 800 ක පමණ ප්‍රදේශයක්
පිරිසිදු කළ අයුරු
ශ්‍රී ලංකාවේ වැඩිම පරිසර දූෂණයකට ලක් වී ඇති වෙරළ තීරයන්ගෙන් එකක් අනාගත පරපුර
වෙනුවෙන් ආරක්ෂා කරගැනීමසඳහා CDB සාමාජික සාමාජිකාවන් එක්ව කටයුතු කළ ආකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *