22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

විහාරාධිපති හිමිට ලක්ෂ 470ක මුදලක් වංචා කළ කාන්තාව අත්අඩංගුවට…

ඉන්ධන පිරවුම්හලක් දෙන බව සඳහන් කරමින් රුපියල් ලක්ෂ 470ක මුදලක් විහාරාධිපති හිමිනමකට වංචා කළ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ගෝනවිල පමුණුවිල නානායක්තාර මාවතේ පදිංචි වයස අවුරුදු 71ක් වන එම කාන්තාවට කඩවත සහ ගණේමුල්ලේ ඉන්ධන පිරවුම්හල් දෙකක් හිමිව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

මේ කාන්තාවට රැවටී රුපියල් ලක්ෂ 470ක මුදලක් අහිමි කර ගත් විහාරාධිපති හිමියන් විශ්වවිද්‍යාල කථිකාචාර්ය හිමිනමක්ද වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය. ජපානය සමඟ ඉතා කිට්ටු සම්බන්ධකම් ඇති තරුණ භික්ෂුවක් වන මේ හිමිනමට ජපානයේ විහාරස්ථානයක්ද හිමිව ඇති බව සඳහන්ය.

මේ හිමිනම විහාරාධිපති ධුරය දරන විහාරස්ථානයේ පෙහෙවස් සමාදන් වීමටද පැමිණෙන මේ කාන්තාව ඒ ඔස්සේ හිමිනම සමඟ කුලුපග වෙමින් මේ වංචාව කර ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz