ලක්ෂයට වැඩි වැටුප් සදහා අය කරන පුද්ගලික බදු ක්‍රියාත්මකයි.

(ඔමාලි සේනානායක)

2023 වර්ෂය සදහා යෝජිත 2022 වර්ෂ අවසානයේ ඉදිරිපත් කරන ලද අයවැයෙන් යෝජිත බදු සංශෝධන මෙම වර්ෂයේ ජනවාරි පළමුවැනිදා වන අද දින සිට සිට ක්‍රියාත්මක වේ. ඒ අනුව ලක්ෂයකට වැඩි වැටුප් ලබන්නන් සදහා වැඩිවන මුල් ලක්ෂය ඉක්මන රුපියල් පනස්දහසට 6% බැගින් බදු අය කිරිම සිදු වේ.
එනම්,
රු. 150,000 – රු. 3,500
රු. 200,000 – රු. 10,000
රු. 250,000 – රු. 21,000
රු. 300,000 – රු. 35,000
රු. 350,000 – රු. 52,500
ලෙස වැටුප් මත පනවන ලද පුද්ගලික බද්ද ක්‍රියාත්මක කිරිමට රජය සැලසුම් සකස් කර ඇත.