ජනතාවාදී රාජ්‍ය සේවයක් සඳහා රාජ්‍ය සේවක ඇගයීම් ක්‍රමවේදය තුළට කුසලතා  පාදක ක්‍රමයක් අවශ්‍යයි  

ජනතාවාදී රාජ්‍ය සේවයක් සඳහා රාජ්‍ය සේවක ඇගයීම් ක්‍රමවේදය තුළට කුසලතා  පාදක ක්‍රමයක් අවශ්‍යයි  
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා 2023 වසරට නිල රාජකාරි කටයුතු ආරම්භ කරමින් කියා සිටියි

2023 නව වසර සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ නිල රාජකාරි කටයුතු ආරම්භ කිරීම අද දින (2) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම මහත්මියගේ සහභාගීත්වයෙන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ විධිවිධාන අනුව  ආරම්භ කරන ලදි.

ජාතික ධජය ඔසවා, ජාතික ගීය ගායනා කොට, රණවිරුවන් හා දේශය වෙනුවෙන් කැපකිරීම් කරන ලද සියලු දෙනා අනුස්මරණය කිරීමෙන් අනතුරුව රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබාදෙමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලද අතර ඉන් අනතුරුව රුක් රෝපණ වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීම සිදුවිය.

සෙත් පිරිත් සච්ඡායනාවෙන් අනතුරුව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා 2023 වර්ෂය සඳහා නිල රාජකාරි ආරම්භ කරන ලද අතර, පළාත් සභාවේ ආයතනයන්හී ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් විශේෂ හමුවක් ද  පවත්වන ලද අතර, එම අවස්ථාවේදී අදහස් දක්වමින් එම මහතා සදහන් කර සිටියේ, ජනතාවාදී රාජ්‍ය සේවයක් සඳහා රාජ්‍ය සේවකයින් උනන්දු කරවීම අවැසි බවත් ඔවුන් අභිප්‍රේරණය කිරීම සදහා රාජ්‍ය සේවක ඇගයීම් ක්‍රමවේදය තුළට කුසලතා පාදක ක්‍රමයක් අවශ්‍යව පවතින බවත් එය මධ්‍යම පළාතෙන් හදුන්වා දීම සදහා කටයුතු කරන බවත් සිංගප්පූරුව මෙම කුසලතා පාදක කරගත් ඇගයීම් තුළින් උසස්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කොට ඉන් මහත් ප්‍රයෝජන අත්කරගත් බවත් ය.

රාජ්‍ය සේවකයා සුහුරූ (Smart) වීම මෙම තාක්ෂණික යුගයේදී හ මුහුණ දෙන අභියෝග කාරි අවස්ථාවේදී අත්‍යවශ්‍ය බව මෙහිදී මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතා ප්‍රකාශ කොට සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *