දෙල්තොට මුස්ලිම් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්

දෙල්තොට  මුස්ලිම් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන්
සැමට සම අධ්‍යාපන අයිතිවාසිකම් තහවුරු කරමින් ගුණාත්මක පාසල් අධ්‍යාපනයක් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය පවතිනවා
– *මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ *

දෙල්තොට  මුස්ලිම් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය මධ්‍යම ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ  මහතාගේ  ප්‍රධානත්වයෙන් (10) පැවැත්විය. මෙහිදී  විවිධ අංශයන්ගෙන් දක්ෂතා දැක්වූ සිසු සිසුවියන් 138 දෙනෙකු සදහා ත්‍යාග ප්‍රදානය කළ අතර,  මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ගමගේ මහතා සදහන් කර සිටියේ සැමට සම අධ්‍යාපන අයිතිවාසිකම් තහවුරු කරමින් ගුණාත්මක පාසල් අධ්‍යාපනයක් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය පවතින බවත්, මේ වන විටත් එකී ප්‍රතිපත්තිය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සදහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත් ය. විවිධ දුෂ්කරතා මධ්‍යයේ සිය ඉලක්ක කරා ගමන් ගන්නා දරුවන් අගය කළ යුතු බවත්, නොමිලේ අධ්‍යාපනය සෞඛ්‍ය ඇතුලු පහසුකම් රැසක් ලබාදෙන රට වෙනුවෙන් තම වගකීම තේරුම්ගෙන කටයුතු කරන්නේනම්, රට පවතින තත්ත්වයට වඩා සංවර්ධනය කළ හැකි බව ද මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එම මහතා  සදහන් කර සිටියේය.

මෙහිදී දෙල්තොට  මුස්ලිම් විද්‍යාලයේ  ගැටලු සම්බන්ධයෙන් ද පළාත් ආණ්ඩුකාරවරයා දැනුවත් කිරීම සිදු වු අතර, එහිදී අදාල පාසලේ ඉඩම සම්බන්ධ ගැටලුවට සෘජුව මැදිහත් වු පළාත් ආණ්ඩුකාරවරයා අදාල අංශ වෙත සමග දුරකථනය මගින් සම්බන්ධ වෙමින් එම ගැටලුව සදහා කඩිනම් විසදුම් ලබාදීම සදහා කටයුතු කිරීම ද සුවිශේෂි විය.

මෙම වැඩසටහන්  සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, විද්‍යාලයේ විදුහල්පති ෆාසිල් මොහොමඩ් යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද එක් ව සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *