22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

පාකිස්තාන මහ කොමසාරිස් ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය අතර හමුවක්…

පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උමාර්
ෆාරුක් බර්කි මහතා සහ වෙළඳ හා ආයෝජන අනුයුක්තිකා අස්මා
කමල් මහත්මිය ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ
අභිනවයෙන් තේරී පත් වූ සභාපති කීර්ති ගුණවර්ධන මහතා සහ
අධ්‍යක්ෂ මණ්ඩලය හමුවී සාකච්ඡා කළහ.
මහ කොමසාරිස්, ගුණවර්ධන මහතාගේ පත්වීම පිළිබඳව සුභාශිංසන
පළ කළ අතර, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික
වෙළෙඳාම, හවුල් ව්‍යාපාර සහ ආර්ථික සහයෝගීතාව තවදුරටත්
ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය
සහ එහි වෙළෙඳ ආයතන සමඟ සමීපව කටයුතු කිරීමට ප්‍රතිඥා
දුන්නේය.
ද්විපාර්ශ්වික වෙළෙඳාමේ පවතින විවිධ බාධක නිරාකරණය කර
ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. පාකිස්තානයේ ව්‍යාපාරික
ප්‍රජාව සමඟ ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන සබඳතාව සහ මිත්‍රත්වය අගය
කළ ගුණවර්ධන මහතා ඉදිරියේදී ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා
තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය බව ප්‍රකාශ කළේය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz