ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති  අධිකරණ ඇමති හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී……..

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ගරු අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S Dzhagaryan මහතා අතර හමුවක් අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ රුසියානු රාජ්‍යය අතර දිගු කාලීන මිත්‍රත්වයක් පවතින බව සඳහන් කල අමාත්‍යතුමා රුසියානු රාජ්‍යයේ සහයෝගය තවදුරටත් අපේක්ෂා කරන බව ද සඳහන් කරන ලදී.

ආර්ථික හා දේශපාලනික වශයෙන් දෙරට අතර පවතින සම්බන්ධතා තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සදහා ඉදිරියේදීත් කටයුතු කරන බවත්, අවශ්‍ය සෑම අවස්ථාවකදී තම රටෙහි සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දෙන බවත්, තානාපතිතුමා මෙහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *