නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති තෙත් බිම් උද්‍යාන නවීන තාක්ෂණය ඔස්සේ ප්‍රවර්ධනය කෙරේ, බැද්දගාන තෙත් බිම් උද්‍යානය සඳහා නව QR කේතයක්.

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති තෙත් බිම් උද්‍යාන නවීන
තාක්ෂණය ඔස්සේ ප්‍රවර්ධනය කෙරේ. එම උද්‍යාන සංචාරක ආකර්ෂණීය
කලාප ලෙස සංවර්ධනය කිරීම අරමුණයි.
ඒ අනුව බැද්දගාන තෙත් බිම් උද්‍යානය සඳහා නව QR කේතයක් හදුන්වා
දීම නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතාගේ
ප්‍රධානත්වයෙන් අද (03) සිදු කෙරිණ.
වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය
ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදියි. ඊයේට (පෙබරවාරී 02) යෙදුනු
ලෝක තෙත් බිම් දිනයට සමගාමීව මෙය ක්‍රියාත්මක කෙරිණි.
ලෝක තෙත්බිම් දිනයට නාගරික සංවර්ධන අධිකාරියේ පරිසර හා භූ
දර්ශන අංශය විසින් සංවිධානය කරන ලද වැඩසටහන් කිහිපයක්
බැද්දගාන තෙත් බිම් උද්‍යානය සහ කෝට්ටේ, කොටුබැම්ම තෙත් බිම්
උද්‍යානය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ සහ අද දිනය පුරා පැවැත්විණි.
කොළඹ අනුලා විද්‍යාලීය පරිසර නියමුවන් 80 කගේ සහභාගීත්වයෙන්
පරිසර ප්‍රතිස්ථාපන වැඩසටහනක් සහ බස්නාහිර පළාතේ බාලදක්ෂිකාවන්


150 කගේ සහභාගීත්වයෙන් නිරීක්ෂණ හා අධ්‍යයන වැඩසටහනක් ඊයේ
(02) සංවිධානය කර තිබු අතර ජාත්‍යන්තර ජල කළමණාකරණ ආයතනයේ
සම්මානිත විද්‍යාඥ ආචාර්ය ප්‍රියානි අමරසිංහ මහත්මිය එහි ප්‍රධාන දේශනය
සිදු කළාය.
නාගරික සංවර්ධන අධිකාරියේ පර්යේෂණ අංශයේ පාරිසරික ශිල්පීන්, භූ
දර්ශන ශිල්පීන් ඇතුළු නිළධාරීන් සදහා තෙත් බිම් පිළිබද දැනුවත් කිරීමේ
වැඩසටහනක් ද පැවැත්විණ. ලෝක තෙත් බිම් දිනයට සමගාමීව මෙම
මාසය පුරාම විවිධ වැඩසටහන් සංවිධානය කිරීමට නාගරික සංවර්ධන
අධිකාරිය පියවර ගෙන තිබේ.
සෑම වසරකම පෙබරවාරි මස 02 වනදා ලෝක තෙත් බිම් දිනය ලෙස නම්
කර ඇත්තේ තෙත්බිම් පිළිබද රැම්සා සම්මුතියයි. රැම්සා සම්මුතිය යනු
1971 වසරේ පෙබරවාරී 02 වනදා ඉරානයේ රැම්සාර් නගරයේදී සම්මත
කරන ලද අන්තර්ජාතික ගිවිසුමකි. 1990 වසරේ සිට ශ්‍රී ලංකාවද එහි
පාර්ශවකරුවෙකු වේ. මෙවර ලෝක තෙත් බිම් දිනයේ තේමාව වන්නේ
“තෙත් බිම් ප්‍රතිස්ථාපනය සදහා කාලය එළඹ ඇත” යන්නයි.
තෙත්බිම් යනු ජලය මූලික කර ගත් සොබාදහමේ අපුරු නිර්මාණයකි.
ජීවයේ ගුණාත්මකභාවය පවත්වා ගෙන යාම සදහා තෙත්බිම් අත්‍යවශ්‍ය
කාර්යයන් රැසක් සිදු කරයි. ගංවතුර පාලනය කිරීම් තෙත්බිම්වල ප්‍රධාන
කාර්ය භාරයකි. වර්ෂා ජලය ගබඩා කිරීම සහ පිටාර ජලය සෙමින් මුදා
හැරීමද මෙමගින් සිදු කරනු ලබයි. ජල දූෂක ඉවත් කිරීම, උෂ්ණත්වය
පාලනය කිරීම, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමද මින් සිදු කෙරේ.
රැම්සා සම්මුතිය මගින් ප්‍රකාශයට පත් කර ඇති අන්තර්ජාතික රැම්සා
තෙත් බිම් ප්‍රමාණය 2,471 කි. ලෝකය පුරා තෙත්බිම් ආරක්ෂා කර ගැනීම
සඳහා අන්තර්ජාතික වශයෙන් වැදගත් තෙත්බිම්, ජාත්‍යන්තර රැම්සා
තෙත්බිම් ලෙස නම් කිරීම මෙහි ප්‍රධාන කාර්යයකි. වැඩිම රැම්සා තෙත්


බිම් ප්‍රමාණයක් සහිත රට එක්සත් රාජධානිය වන අතර විශාලතම රැම්සා
තෙත් බිම කැනඩාව සතු වෙයි.
ශ්‍රී ලංකාවේ ඇති රැම්සා තෙත්බිම් ගණන 6 කි. මෙරට ප්‍රථම රැම්සා
තෙත්බිම වන්නේ බුන්දල ජාතික වන උද්‍යානයයි. දෙවැන්න ආනවිලුන්දාව
අභය භූමියයි. ඊට අමතරව බලපිටිය මාදුගඟ අභයභූමිය, මන්නාරම
වන්කාලේ අභය භූමිය, කුමන අභය භූමිය සහ විල්පත්තුව ජාතික
උද්‍යානයද රැම්සා තෙත්බිම් ලෙස නම් කර ඇත. එමෙන්ම රැම්සා සම්මුතිය
මගින් ශ්‍රී ලංකාවේ කොළඹ නගරය ද නාගරික තෙත්බිම් කලාපයක් ලෙස
2018 වසරේදී ප්‍රකාශයට පත් කර තිබේ.
නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (උපදේශන)
ආනන්ද සමරසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම් – කලාප 02)
ලලිත් විජයරත්න, අධ්‍යක්ෂ (පරිසර හා භූ දර්ශන) චන්දනා කලුපහන,
ප්‍රධාන බාලදක්ෂිකා කොමසාරිස් සුලාරි විජේවර්ධන යන මහත්ම මහත්මීන්
ඇතුළු පිරිසක් මේ සදහා සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *