කොකා-කෝලා පදනම විසින ් පවුල් 6,000ක් නඟා සිටුවීමේ ‘Say We Care’ වැඩසටහනට සහාය දක්වයි.

කොකා-කෝලා පදනම විසින ් ජන ජීවිත නගාසිටුවීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු සහන මලූ බෙදා දෙමින්, දිවයින පුරා අවදානමට ලක්විය හැකි පවුල් 6,000ක් නඟා සිටුවීමේ ‘Say We Care’ වැඩසටහනට සහාය දක්වයි.

කොකා-කෝලා පදනම (TCCF) දිවයින පුරා අත්‍යාවශ්‍ය ආහාර ඇසුරුම්
බෙදාහැරීමේ ‘Say We Care’ වැඩසටහන හරහා පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින
ශ්‍රී ලාංකික පවුල් 6,000කට උපකාර කිරීමට අරම ුදල් සැපයීමට ඉදිරිපත් වී ඇත.
මෙම ම ුලපිරීම මඟින ් දිවයින පුරා වඩාත් අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල දැඩි ලෙස පීඩාවට පත් වූ
ප්‍රජාවන ් අතර මාස දෙකක කාලයකට සරිලන පරිදි අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු සහන මලු බෙදා දෙන ු ඇත.
ගම්පහල කළුතරල කකොළඹල අනුරොධපුරල මඩකලපුවල මන්නොරමල වවුනියොවල කමොණරොගල සහ නුවරඑළිය
යන දිසරික්ක නවයක අවදොනමට ලක්ිය හැකි පවුල් සිටියිග සමාජ සේවා අමාත්‍යාංශය යටතේ පවතින
ස්වේච්ඡා සමාජ සේවා සංවිධානයක් වන සේවා ලංකා පදනමේ සහ එක් එක් ප්‍රදේශයන්හි විවිධ පළාත්
පාලන ආයතනවල සහාය ඇතිව පරීක්‍ෂණ ක්‍රියාවලියක් මගින ් මෙම පවුල් හඳුනාගෙන ඇත.


ආර්ථික අර්බුදය දිවයින පුරා නාගරික, තදාසන්න සහ ග්‍රාමීය අඩු ආදායම්ලාභී සහ මධ්‍යම ආදායම්ලාභ ී
පවුල් රැසකට අහිතකර ලෙස බලපා ඇත. එවැනි පසුබිමක් මධ්‍යයේ, 2022 සැප්තැම්බර් මාසයේදී, එක්සත්
ජාතීන ්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ ලෝක ආහාර වැඩසටහන (WFP) විසින ් කරන
ලද වාර්තාවක ින් හෙළි වූයේ ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත මිලියන 6.3ක ජනතාවක ් මධ්‍යස්ථ මට්ටමේ
සිට උග්‍ර මට්ටම දක්වා දරුණු ආහාර අනාරක්ෂිතභාවයකට ම ුහුණ දෙන අතර ප්‍රමාණවත් ජීවිතාරක්ෂක
ආධාර සහ ජීවනෝපාය ආධාර ලබා නොදුනහොත් තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇතැයි
අපේක්ෂා කෙරේග ආහාර උද්ධමනය 2022 ඔක්තෝම්බර් මාසයේදී 85.6% සහ 2022 නොවැම්බර් මාසයේදී
73.7% දක්වා ඉහළ යාමත් සමඟ පසුගිය මාස කිහිපය තුළ මෙම තත්ත්වය තවත් අයහපත් අතට හැරී
ඇත. මෙම පවුල් බොහොමයක් සිය දෛනික ආහාර වේල් ගණන දිනකට ආහාර වේල් දෙකක් හෝ එක්
ආහාර වේලක් දක්වා අඩු කිරීමටත්, ලබා ගන්නා ආහාර ප්‍රමාණය සීමා කිරීමටත් පටන් ගෙන ඇති අතර,
විවිධ ආහාර ද්‍රව්‍යවල ඉහළ මිල සහ ආහාර ද්‍රව්‍ය හිඟකම හේතුවෙන් ආහාරවල පෝෂණ අගය සැලකිය
යුතු ලෙස අවදානමට ලක්ව ඇත.
සෑම සහන මල්ලක ්ම වියළි සලාක සහ සනීපාරක්ෂක භාණ්ඩ, වෛද්‍ය ආධාර ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය
කිහිපයකින ් සමන්විත වන අතර එය මෙම පවුල්වලට උපකාරී වනු ඇත. මෙම ව්‍යාපෘතිය මගින්
විශේෂයෙන ් ඉලක්ක කරගත් බෙහෙවින් අවදානමට ලක්විය හැකි ප්‍රජාවේ කණ්ඩායම් අතරට ගැබින ි සහ
කිරි දෙන මව්වරුන්, විශේෂයෙන් මන්දපෝෂණය ඇතුළු පෝෂණ ඌනතා සහිත දරුවන ්, ආබාධ සහිත
පුද ්ගලයන්, තනි මාපිය පවුල්/කාන්තා ම ූලික නිවාස, අඩු ආදායම්ලාභී පවුල් ඇතුළත් වේ. යැපෙන ්නන්
විශාල සංඛ්‍යාවක ් සිටින හෝ ජීවනෝපාය මාර්ග නොමැති ගෘහ ම ූලිකයන් සහ නුප ුහුණු මෙන්ම දෛනික
ශ්‍රමිකයින ් මත දැඩි ලෙස යැපෙන පවුල්ද මේ අතරට අයත් වේ.
කොකා-කෝලා පදනමේ (TCCF) සභාපති සාඩියා මැඩ්ස්බ්ජර්ග් පැවසුවේ දුෂ්කර කාලවලදී තිරසාර සහ
වගකීම් සහගත ලෙස ප්‍රාදේශීය ප්‍රජාවන්ට සහයෝගය දැක්වීමේ දිගු ඉතිහාසයක් අපට ඇති බවත් මෙම ‘Say We Care’ වැඩසටහනට සහය වීම, අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ ජීවිතවල ධනාත්මක
වෙනසක් ඇති ක ිරීම අරම ුණු කරගත් අපගේ සාමූහික ප්‍රයත්නයේ සුවිශේෂීම අංගයක් බවත් ය.
මෑතකදී, කොකා-කෝලා පදනම (TCCF) ශ්‍රී ලංකා රතු කුරුස සමාජයට සහ අනෙකුත් හවුල්කරුවන ්ට
කොවිඩ්-19 වසංගතය තුළ යළි නැගීසිටීමට අවශ්‍ය මැදිහත්වීම් සඳහා අරම ුදල් සපයන ලදි. සමස්තයක්
වශයෙන්, කොකා-කෝලා පදනම දිවයිනේ කොවිඩ්-19 බලපෑමට ලක් වූ ප්‍රදේශවල වසංගතයට එරෙහිව
සටන් ක ිරීම සඳහා රුපියල් මිලියන 110 ක් ලබා දෙන ලදි.
කොකා-කෝලා පදනම පිළිබඳව
කොකා-කෝලා පදනම යනු කොකා-කෝලා සමාගමේ ගෝලීය පරිත්‍යාගශීලී හස්තයයි. 1984 හි ආරම්භයේ
සිට, පදනම විසින ් ජල ආරක්ෂණ කළමනාකාරිත්වය, ප්‍රජා ප්‍රතිචක්‍රීකරණය, කාන්තා සවිබල ගැන්වීම,
අධ්‍යාපනය සහ තරුණ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කර ඇති ලොව පුරා තිරසාර ප්‍රජා ම ුල
පිරීම් වෙනුවෙන් ආධාර කිරීමට ප්‍රදාන සම්මාන සඳහා ඩොලර් බිලියන 1.2කට වඩා ආයෝජනය කර
ඇත.
කොකා-කෝලා පදනම පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, කරුණාකර පිවිසෙන්න

https://www.cocacolacompany.com/shared-future/communities/the-Coca-Cola-foundation

Leave a Reply

Your email address will not be published. Required fields are marked *