22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති සහ මහජන ආරක්ෂක ඇමති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා අද(15දා)දින සුහද
හමුවක්  සඳහා  මහජන  ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා හමුවීමට මහජන
ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණියේය.
මෙහිදී ස්විස් තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා ශ්‍රී ලංකා පොලිසිය වැඩිදියුණු
කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය සහ පොලිස් නිලධාරීන්ගේ පුහුණුවීම් වැඩමුළු
පැවැත්වීමට සහයෝගය ලබාදෙන බව මහජන ආරක්ෂක අමාත්‍යවරයාට පැවසුවේය.
තවදුරටත් අදහස් දක්වමින් ස්විස් තානාපති මහතා මානව හිමිකම් ආරක්ෂා කිරීමේ
වැදගත්කම සහ සත්‍ය කොමිසම පිහිටුවීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා
කළේය.
මෙහිදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සත්‍ය කොමිසම ඒක
පාර්ශ්වික නොවිය යුතු බව අවධාරණය කෙරිණි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz