අනුමත 66% විදුලි ගාස්තු වැඩිවීම පිළිබඳව JAAF සිය අප‍්‍රසාදය පළ කරයි

මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) 2023 පෙබරවාරි 15 සිට බලපැවැත්වෙන
පරිදි 66% ක විදුලි ගාස්තු ඉහළ නැංවීමට අනුමැතිය ලබා දුන්නේය. එහි ප‍්‍රතිඵලයක්
ලෙස ඇඟලූම් කර්මාන්තයේ පිරිවැය ඉතා අධික ලෙස ඉහළ ගිය අතර එමඟින් මෙරට
ආර්ථිකයේ කොඳු නාරටිය බඳු ඇඟලූම් කර්මාන්තයේ ඇමරිකානු ඩොලර් බිලියන 5.5 ක
අපනයන ඉලක්කය සාක්ෂාත් කරගැනීම සඳහා වන කර්මාන්තයේ අඛණ්ඩ
මෙහෙයුම්වලට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. 2022 ජූනි මාසයේ සිට සිදු කරන ලද
165%ක සමස්ත මිල වැඩිවීම සමඟින් මෙම මිල වැඩි වීම 31%ක වැඩි වීමකි. මේ
හේතුවෙන් විදුලිය නිසා නිෂ්පාදන පිරිවැය ආසන්න වශයෙන් 5% කින් ඉහළ ගොස් ඇත.
මිල ඉහළ යාම සම්බන්ධයෙන් කර්මාන්තය විසින් PUCSL වෙත දිගින් දිගටම ඉදිරිපත්
කරන ලද ලිඛිත හා වාචික අදහස් හා යෝජනා නොසලකා හැරීම පිළිබඳව ඒකාබද්ධ
ඇඟලූම් සංගම් සංසදය (JAAF) විමතියට පළ කර සිටී. ඒ අනුව අනුමත විදුලි ගාස්තු
ඉහළ නැංවීම පාර්ශවකරුවන්ගේ එකඟතාවයකින් තොරව සිදු කර ඇති බවත් එය
හුදෙක් යම් පාර්ශවයක් තෘප්තිමත් කිරීම සඳහා සිදු කරන ලද ක‍්‍රියාවක් බවත් මින්
පැහැදිලිව පෙනේ.
PUCSL වෙත අදහස් දැක්වීමේදී JAAF මහ ලේකම් යොහාන් ලෝරන්ස් මහතා විසින්
කර්මාන්තයට අදාළව ඉදිරිපත් කරන ලද අනතුරු ඇඟවීම් සහ යෝජනා පහතින් දැක්වේ.

  1. CEB විසින් අවශ්‍ය ප‍්‍රමාණයට වඩා විදුලි ගාස්තු ඉහළ නැංවීම
    ගෝලීය අවපාතය හේතුවෙන් 2022 4 වන කාර්තුවේ දී 15-20% ත් අතර ප‍්‍රමාණයකින්
    ඇණවුම් (ඉල්ලූම අඩුවීම) අඩුවීමක් දක්නට ලැබුණු අතර මේ පිළිබඳව JAAF කිහිපවරක්
    පෙන්වා දී ඇතx මෙම පහත වැටීම 2023 දෙවන අර්ධය දක්වා අඛණ්ඩව පවතිනු ඇතැයි
    JAAF ඇස්තමේන්තු කරයි. මෙම ඉල්ලූම පහත වැටීමත් සමඟ කර්මාන්තය වැඩ කරන
    පැය ගණන අඩු වූ අතර ඒ හේතුවෙන් විදුලි භාවිතය අවම විය. PUCSL හි සංඛ්‍යා
    ලේඛන අනුව ද 2023 ජනවාරි මාසයට වඩා 2022 ජනවාරි මාසයේ විදුලි උත්පාදනය
    බෙහෙවින් වැඩි බව පිළිගෙන ඇත.
    අධික ලෙස විදුලි ගාස්තු ඉහළ යාම හේතුවෙන් කර්මාන්තයට වැඩි පිරිවැයක් දැරීමට
    සිදුවන බව පවසමින් JAAF මෙහිදී සිය අදහස් මතු කළ අතර විදුලි ඉල්ලූම පිළිබඳ
    නිවැරදි තක්සේරුවක් කරන තුරු විදුලි ගාස්තු සංශෝධන අත්හිටුවන ලෙස ලංකා විදුලි
    මණඩලය හා මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා සිටියේය.
  2. තරඟකාරීත්වය සැලකීමේදී විදුලි ගාස්තු වැඩි කිරීමෙන් ඇති වන බලපෑම –
    ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් නිෂ්පාදන අනෙකුත් රටවල් සමඟ සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ
    තුළ තරඟකාරීව පැවතීම ඉතා වැදගත්ය. පසුගිය වසරේ කිලෝ වොට් 1ක් (1kWh) සඳහා
    වැඩි කරන ලද විදුලි ගාස්තුව ඉන්දියාව, බංග්ලාදේශය, වියට්නාමය, ඉන්දුනීසියාව සහ
    තායිලන්තය වැනි කලාපීය දැවැන්තයින් සමඟ සමපාත වන්නේ එය USD ශත 9 සිට 10
    දක්වා ගැනීම නිසයි. මේ අතර, විදේශ ආයෝජන ආකර්ෂණය කරවා ගැනීමේ අරමුණින්
    බෙනින් සහ ටෝගෝ ඇතුළු අප‍්‍රිකානු රටවල් 1 kWh ඒකකයක් සඳහා USD ශත 8 ක්
    වැනි අඩු අගයක් අය කරයි.

ඒ අනුව වත්මන් මිල වැඩි වීම් නිසා ශ‍්‍රී ලංකාවට කිලෝ වොට් 1ක් (1 kWh) සඳහා USD
ශත 12ක් අය කිරීමට සිදු වනු ඇති අතර මේ හේතුවෙන් ශ‍්‍රී ලංකාව ආයෝජකයින්
සඳහා තරඟකාරී නොවන සහ ආකර්ෂණී නොවන තැනක් බවට පත් වනු
නොඅනුමානය.

  1. Off-peak වෙලාවන් හි විදුලි ගාස්තු නැවත නැවත ඉහළ යාම හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ
    ඇඟලූම් සඳහා වන බලපෑම
    Off-peak වේලාවන් හිදී විදුලි ගාස්තු සඳහා වන වැඩි වීම අසාමාන්‍ය බවත් එය
    කර්මාන්තයට අහිතකර බවත් JAAF විසින් මීට පෙරද පෙන්වා දී තිබේ. එහිදී off-peak
    විදුලි ගාස්තු ඉතා සීඝ‍්‍ර ලෙස ඉහළ යාම සමස්ත කර්මාන්තයේම විදුලි ගාස්තු සඳහා
    ඉතා අසාමාන්‍ය ලෙස බලපානු ඇති නිසා ඉදිරියේදී ව්‍යාපාර කටයුතු කරගෙන යාමේ
    නොහැකි තත්වයට ද එය හේතු වනු ඇති බව JAAF පෙන්වා දෙයි.

2022 දී කාර්යබහුල නොවන (off-peak) වේලාවන්වලදී වන විදුලි ගාස්තුව රුපියල් 6.58
සිට රුපියල් 15ක් දක්වා ඉහළ දමන ලදී. නව PUCSL හි නව ලේඛනය අනුව off-peak
වේලාවන්වලදී වන විදුලි ගාස්තුව රුපියල් 15ක් සිට රුපියල් 34ක් දක්වා වැඩි කිරීමට
යෝජනා වී තිබේ. මෙය මාස 12කට අඩු කාලයක් තුළ 400% ක අසාමාන්‍ය වැඩිවීමක්
පෙන්නුම් කරයි.
විශේෂයෙන්ම රජය විසින් එරාවුර් ඇඟලූම් නිෂ්පාදන කලාපයේ විශාල වශයෙන්
ආයෝජනය කිරීමත් සමඟ ශ‍්‍රී ලංකාව වෙනුවෙන්ම කැපවූ ඇඟළුම් නිෂ්පාදන
ක්ෂේත‍්‍රයක ඇති වැදගත්කම JAAF අවධාරණය කර සිටී. ආයෝජකයින් ආකර්ෂණය කර
ගැනීම සඳහා ඇඟලූම් කර්මාන්තශාලා පැය 24 පුරාම ක‍්‍රියාත්මක විය යුතුය. එබැවින්
off-peak 400% ක විදුලි ගාස්තු වැඩි වීම ශ‍්‍රී ලංකාව ප‍්‍රධාන ඇඟලූම් නිෂ්පාදනය කරන
රටක් බවට පත් කිරීමේ පරමාර්ථයට බෙහෙවින් බලපානු ලබයි. මෙම වැඩිවීම නිසා
සමාගම් off-peak මෙහෙයුම්වලට යාම අධෛර්යට පත් කරනු ඇති බවත් එනිසා උපරිම
නිෂ්පාදනය පවත්වා ගැනීමට අනවශ්‍ය බලපෑමක් ඇති කරවන බවත් ඔවුන් පෙන්වා
දෙයි.

  1. පුනර්ජනනීය බලශක්තිය සහ සූර්ය පැනල
    රටේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් උත්පාදනය කිරීමට
    රජය දක්වන කැපවීමට සමගාමීව සූර්ය පැනල ඇතුළු පුනර්ජනනීය බලශක්තිය
    ක‍්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට JAAF ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.
    JAAF අවධාරණය කරන්නේ සඳහා වාණිජමය වශයෙන් වඩාත් ප‍්‍රයෝගික ගාස්තුවක් ශ‍්‍රී
    ලංකාවට අවශ්‍ය බවයි. මේ වන විට ඇඟලූම් කර්මාන්තයේ මෙගාවොට් 200 කට
    ආසන්න සූර්ය බලශක්තියක් නිපදවීම සඳහා කටයුතු කරමින් සිටී. නමුත් පසුගිය මේ
    සමාගම්වලට සූර්ය බලශක්තිය නිපදවීම්වලට අදාලව විදුලිබල මණ්ඩලය විසින් සමාගම්
    වෙත ගෙවිය යුතු හෝ විදුලි පාරිභෝජනයට අදාලව සමාගම්වල බිලෙන් අඩු කළ යුතු
    ප‍්‍රමාණය මාස 7ක 8ක කාලය තුළ මෙතෙක් සිදු කර නොමැත. මෙම තත්වය තුළ මෙම
    ගෙවීම් සිදු කිරීම ප‍්‍රමාද කිරීමට CEB හට නොහැකි අතර මෙම සූර්ය බලශක්තිය
    නිදපවන ඇඟළුම් සමාගම් වෙත මේ පිළිබඳව නිශ්චිත මිනුමකට යා හැකි ක‍්‍රමවේදයක්
    හඳුන්වා දීමට JAAF අවධාරණය කර සිටී. මෙමගින් CEB හට මුදල් තත්වය පාලනය කර

ගැනීමට උපකාර වනවා වගේම සුර්ය බලශක්තිය නිපදවීම සඳහා වන පෙළෙඹ වීමට
ඉඩ සැලසෙයි.

  1. පුනර්ජනනීය බලශක්ති උත්පාදනය වෙත පෞද්ගලික අංශය නැඹුරු වීම (power
    wheeling) –
    JAAF දීර්ඝ කාලයක් තිස්සේ පුනර්ජනනීය බලශක්ති උත්පාදනය වෙත පෞද්ගලික අංශය
    නැඹුරු කරවීම (power wheeling) සඳහා බලපෑම් කරමින් සිටී. මෙය පුනර්ජනනීය
    බලශක්තිය වෙත ගෙන යාමේ තනි විශාලතම පහසුකම වන අතර එය ක්ෂේත‍්‍රයේ
    ආයෝජන සඳහා ද මාර්ගයක් වනු නොඅනුමානය. තවද පුනර්ජනනීය සම්පත් සඳහා
    කරනු ලබන පුද්ගලික ආයෝජනය වැඩි කිරීමෙන් CEB මත ඇති බර අඩු වී එහි වාසිය
    පාරිභෝගිකයාට ලබා දීමට එමගින් ඉඩ සලසයි.
    පුනර්ජනනීය බලශක්ති උත්පාදනය වෙත පෞද්ගලික අංශයට යාමට ඉඩ ලබා දෙන
    නීති සංශෝධනයන් වෙත යාමට JAAF අවධාරණය කරයි.
    මෙම කරුණු සැලකිල්ලට ගනිමින්, කර්මාන්තයේ විදුලි ගාස්තු ගාස්තු 30% කින් වැඩි
    කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳව JAAF සිය අප‍්‍රසාදය පළ කර සිටී. මෙවැනි
    ආකාරයේ වැදගත් ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී අදාල කරුණු සහ දත්ත සලකා බලන
    ලෙස ද JAAF රජයෙන් ඉල්ලා සිටී. ඇඟලූම් ඉල්ලූම සම්බන්ධයෙන් කර්මාන්තය
    අපහසුතාවකට පත්ව ඇති අවස්ථාවක වැඩිවන ඉල්ලූම මත පදනම්ව විදුලි ගාස්තු වැඩි
    කිරීම අත්‍යවශ්‍ය නොවන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි. මෙයින් සිදුව ඇත්තේ
    රටේ ආර්ථිකයට බෙහෙවින් බලපානු ලබන දැනටමත් දැඩි බලපෑමකට ලක් වී ඇති
    කර්මාන්තයකට ඔවුන් තවත් අපහසුතාවයකට පත් කර ඇති බව JAAF වැඩිදුරටත්
    පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *