ජාතික ජල ශාස්ත්‍රීය පනත සකස් කිරීමට රට වෙනුවෙන් කැපවන්න රටට ද්‍රෝහී නොවන්න..

ජාතික ජල ශාස්ත්‍රීය පනත් කෙටුම්පත වර්තමානයට ගැලපෙන අයුරින් සකස් කිරීම සහ
ඒ සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබඳව තවත් සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර
කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය
විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අධිකරණ අමාත්‍යාංශයේදි
පැවැතිවිණි.
ජල ශාස්ත්‍රීය සේවය පිහිටුවීම, ජල ශාස්ත්‍රීය මැනුම් විධිමත් කිරීම, නාවික සිතියම්
නිර්මාණය කිරීම ආදී නාවික හා සමුද්‍රීට කටයුතු සම්බන්ධයෙන් විශේෂ අවධානයක්
මෙහිදී යොමු වූ අතර විශේෂයෙන්ම නාවික හමුදාව විසින් ඉදිරිපත් කරන ලද ජල
ශාස්ත්‍රීය පනත් කෙටුම්පත සඳහා සංශෝධන ඉදිරිපත් කිරීම මෙහිදී සිදුවිය.
ශ්‍රී ලංකා නාවික හමුදා ජල ශාස්ත්‍රීය සේවය ජාතික තලයේ පවත්වාගෙන යාම සඳහා
නෛතික බලතල පැවරීම, ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය කඩිනමින් පිහිටුවීම, නාවික
සිතියම් නිර්මාණය කිරීම හරහා අන්තර් ජාතික වශයෙන් ශ්‍රී ලංකාවට ආර්ථික ප්‍රතිලාභ
ලබාගත හැකි පරිදි නව පනත් කෙටුම්පත සංශෝධනය වියයුතු ආකාරය පිළිබඳව ද මෙහිදී
විශේෂ අවධානයක් යොමු විය.

යුක්තිය පසිඳලීමේ කාර්යක්ෂම ක්‍රමයක් ස්ථාපිත කිරීම
වෙනුවෙන් ….

විදේශ රටවල් දෙකක් පමණක් ශ්‍රී ලංකාවට අයත් නාවික මුහුදු සීමාව තුළ නාවික
සිතියම් නිර්මාණය කිරීම සිදුකර ඒ තුළින් විශාල මුදලක් උපයන බවත් ඒ හරහා ශ්‍රී
ලංකාවට වසරකට විශාල ඩොලර් මිලියන ප්‍රමාණයක් අහිමි වන බවත් අමාත්‍යතුමා
පෙන්වා දුන් අතර මෙම පනත කඩිනම් කිරීම තුළින් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික
අර්බුදයෙන් මිදීමටද යම් පිටුවහලක් වන බව සඳහන් කරන ලදී.
ජාතික ජල ශාස්ත්‍රීය පනත ගෙන ඒමට යම් පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් විරුද්ධ
වන්නේද එම පුද්ගලයා හෝ කණ්ඩායම නාවික සිතියම් නිර්මාණය කරන විදේශ රටවලින්
ලැබෙන මුදල් මත යැපෙන කණ්ඩායමක් බවත් එම පිරිස රටට ද්‍රෝහී පුද්ගලයින්
කොටසක් බවද සඳහන් කල අමාත්‍ය වරයා වැඩිදුරටත් සඳහන් කලේ නව ජල ශාස්තීය
පනත සකස් කිරීමට රට වෙනුවෙන් කැප වන ලෙසයි.
ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, නීති
කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා නාවික
හමුදාව, නාරා ආයතනය නියෝජනය කරමින් නියෝජිතයන් මෙම සාකච්ඡාව සඳහා
සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *