22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ම‍හ කොමසාරිස්වරිය සහ මහජන ආරක්ෂක ඇමැති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු මහ කොමසාරිස් දේවි ගුස්ටිනා ටෝබින්ග් මහත්මිය අද(06
දා) දින සුහද හමුවක් සඳහා මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා හමුවීමට
මහජන ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණියාය.
ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර පවතින ද්වී පාර්ශ්වීක සබදතා තවදුරටත් වැඩි
දියුණු කිරීම පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමු විය.
තවද ආර්ථික හා දේශපාලනික වශයෙන් දෙරට අතර පවතින සම්බන්ධතා තවදුරටත්
වැඩි දියුණු කර ගැනීම සදහා ඉදිරියේදීත් කටයුතු කරන බවත්, අවශ්‍ය සෑම
අවස්ථාවකදීම තම රටෙහි සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දෙන බවත්, මහ
කොමසාරිස්වරිය එහිදී පැවසුවාය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz