මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ නියෝගයෙන් මහජන පරීක්ෂකවරුන් 54 දෙනෙකුගේ කණ්ඩායමක විශේෂ වැටලීමක් මහනුවරදී

භාවිතයට නොසුදුසු ආහාර තොග පිටින් හසු වේ.

උත්සවය සමය ආරම්භ වීමත් සමග ජනතාව වැඩි වශයෙන් ආහාර පාන මිලදී ගැනීම සදහා ප්‍රවණතාවයක් දක්නට ලැබෙන අතර, ජනතාව සදහා වඩා සුරක්ෂිත, වඩා සෞඛ්‍ය සම්පන්න ආහාර පාන අලෙවිය තහවුරු කිරිම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරව නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ නියෝගයකට අනුව මහනුවර නගරය තුල විශේෂ මෙහෙයුමක් (4) ක්‍රියාත්මක විය.  

මධ්‍යම පළාත් සභාවේ සෞඛ්‍ය අධ්‍යක්ෂක වරයා සහ  මහනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ මහතා මෙහෙය වීමෙන්   දිස්ත්‍රික්කයේ පුරාවට විසිරී සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 54 ක කණ්ඩායමක් මෙම මෙහෙයුම සදහා සම්බන්ධ වූ අතර, එහිදී මහනුවර නගරයේ වෙළදසැල් රැසක් පරීක්ෂාවට භාජනය විය. එහිදී අලෙවිය සදහා සූදානම් කර තිබු සහ  ගබඩා කර තිබූ  නිසි ප්‍රමිතියෙන් තොර ආහාර පාන රැසක් වැටලීම සදහා අදාල කණ්ඩායමට හැකියාව ලැබූ අතර, අදාල වෙළදසැල්හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද මෙහිදී සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *