මීගමුව නවලෝක රෝහල සිය නවීනතම ගොඩනැගිල්ල විවෘත කරමින් සුව සේවා පහසුකම් පුළුල් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සුව සේවා සපයන්නකු වන නවලෝක මෙඩිකෙයාර් (පුද්ගලික)්පචත සමාගම
2023 මාර්තු 28 වන දින මීගමුවේ දී සිය නවීනතම ගොඩනැගිල්ල ජනතාව වෙත විවෘත කරන බව
නිවේදනය කළේය. නගර මධ්‍යයේ පිහිටා ඇති තට්ටු හතකින් යුත් මෙය නවීන පන්නයේ
පහසුකම් සහ අති නවීන තාක්‍ෂණයෙන් සමන්විත වන අතර නව කළමනාකර මණ්ඩලයක් යටතේ
ක්‍රියාත්මක වනු ඇත.
නවලෝක මෙඩිකෙයාර් (පුද්ගලික) සමාගමේ සභාපති හර්ෂිත් ධර්මදාස මහතා නව
ගොඩනැගිල්ල විවෘත කිරීම පිළිබඳව සතුට පළකරමින් කියා සිටියේ, “අපගේ නව
ගොඩනැගිල්ල මීගමුවේ දී විවෘත කිරීම පිළිබඳව අපි සතුටට පත්වෙනවා. මෙම නවීනතම
පහසුකම ශ්‍රී ලංකාවේ ජනතාවට ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය සේවා සැපයීම වෙනුවෙන්
වූ අපගේ කැපවීමේ සාක්ෂියක්. ̃ යනුවෙනි.

නව ගොඩනැගිල්ල නවීන අභ්‍යන්වතර අලංකරණයන්ව සහ අති නවීන උපකරණ වලින්
සමන්විතය. එය චැනලින්ව සේවා, නේවාසික කාමර, රසායනාගාර සේවා, අක්ෂි වෛද්‍ය
ඒකකයක්, ෆාමසියක් සහ නේවාසික ප්‍රතිකකාර සඳහා ඇඳන් වැඩි සංඛ්‍යාවක් ඇතුළු සේවාවන් රැසක් පිරිනමයි.

නවලෝක මෙඩිකෙයාර් (පුද්ගලික) සමාගමෙහි රසායනාගාර ජාලය සමාගමේ සෞඛ්‍ය
සේවාවල තවත් වැදගත් අංගයකි. ප්‍රධාන රසායනාගාර මීගමුව, ගම්පහ, කුරුණෑගල,
හෝමාගම, කොටහේන, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ වෙන්නප්පුව යන ප්‍රදේශවල පිහිටා
ඇත. මේ හරහා රසායනාගාර සේවා 1000කට අධික ප්‍රමාණයක් සපයන අතර දිවයින ප ුරා
සාම්පල් එකතු කිරීතම් මධ්‍යස්ථාන 20කට අධික සංඛ්‍යාවක් පිහිටා ඇත.

නව ගොඩනැගිල්ල විවෘත කිරීම නවලෝක මෙඩිකෙයාර් (පුද්ගලික) සමාගමෙහි සුවිශේෂී
සන්ධිස්ථානයක් වන අතර, එය ශ්‍රී ලාංකේය ජනතාවට ඉහළම ගුණාත්මක සෞඛ්‍ය සේවා
සැපයීම සඳහා සමාගමේ අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරයි. මීගමුවේ නව පහසුකම පුළුල්
පරාසයක සෞඛ්‍ය සේවා අවශ්‍යතා සඳහා නවීන තාක්ෂණය සහ නවීන යටිතල පහසුකම්
සපයමින් ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා අංශයේ වැදගත් කාර්යභාරයක් සපුරාලීමට සූදානම්
වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *