ලංකාවේ රිලවුන් බෝ කරන්නේ පන්සල්…….

  1. ලංකාවේ රිලවුන් බෝ කරන්නේ පන්සල්…….
  2. කෘෂිකර්ම ඇමති ගේ නොහැකි නොහැකියාව වසා ගැනීමට රිලවා බිල්ලට දීම
  3. රිලවු බෝවීමට වඩා කපපු කැලෑවල රිලවු ගම්වදිල….
  4. මහින්ද අමරවීර පරිසර ඇමැතිවෙලා කැලෑ කපද්දී, රිලවු කැලෑ බෝකරන්නේ මෙහෙමයි….

රිලව් ( toque macaque) පිටරට යැවීම සම්බන්ධයෙන්ව විශාල කතාබහක් ේ වන විට ශ්‍රී ලංකාව තුළ නේ නිර්මාණය වී ඇත්්තේ කෘෂි කර්ම අමාත්‍ය මහින්ද  අමරවීර විසින් කරන ලද ප්‍රකාශයක් මුල්කොටගෙනය.  කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන්ව මේ වන තෙක් නෛතිකමය හෝ ප්‍රතිපත්තිමය වශයෙන් ීන්දුවක් වූ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.  ඒ ඌරා  ඉත්තැවා දඬුලේනා ඇතුළු සතුන් 7ක් ආරක්ෂිත ලැයිස්තුවෙන් ඉවත් කරනවා  යැයි   වාචිකව කළ නනොමඟ යවන සුළු ප්‍රකාශයට  සමාන ප්‍රකාශයකි.  බැලූ බැල්මට මෙය ඡන්ද ඡන්දදායකයින් සහ ගොවියන් සතුටතුටු කිරීම සඳහා කරන හුදු දේශපාලනික ප්‍රකාශයන් හැර වෙන කිසිවක් නොවේ.  එසේම IMF එකඟතා අනුව යමින් ලාභ ලබන රාජ්‍ය සම්පත් පවා සමාගම් වලට පවර්න්නාක් මෙන්ම  කෘෂිකාර්මික ඉඩම් සහ වන වනාන්තර ඉඩම් විදේශ සමාගම්වලට ලබා දීම් සඳහා වන  ඉදිරි  සැලැස්මේ  කොටසකි.  

මෙලෙස  වනාන්තර ඉඩම් උක් වගාව සහ බඩ්ඉරිඟු  වගාව ඇතුළු  නොයෙක් කෘෂිකාර්මික කටයුතු මුවාවෙන් විදේශීය  සමාගම් වලට සහ   දේශපාලනඥයින් ගේ හිත මිතුරු දේශීය සමාගම් වලට විකිණීම්ට පෙර සූදානමක් ලෙස පරිසර සංවිධාන සහ ජනතාව අතර, විශේෂයෙන් ගොවි ජනතාව අතර ගැටුම්ක් ඇතිකර, දේශපාලනඥයින්ගේ වනාන්තර ඉඩම්වි කිනීමේ සූදුවට අවශ්‍ය වටපිටාව සකසා ගැනීමටත්, එලෙස පාරිසරික වැදගත් වැදගත්කමක් ඇති ඉඩම් විකිණීමට එරෙහිව පරිසර සංවිධාන පාරට බැසීම සහ, ගොවි ජනතාව සමඟග එක්ව කටයුතු කිරීම වැළැක්වීමේ පූර්ව සූදානමක් ලෙස උපක්‍රමික ලෙස ද දේශපාලනඥයින්  රිලව්න් චීනෙට පැටවීමේ ගැටලුව  තම හිතවත් මාධ්‍ය නාලිකා භාවිතා කරමින් දිගින් දිගටම ගොවියන් සහ  පරිසර සංවිධාන අතර ගැටුමක් බවට පෙන්වමින් සිටියි.

මේ දින දිනවල ගොවියන් ලෙසින් වොයිස් කට් දෙන බහුතරයක්  සැබෑ ලෙසම ගොවියන් නොවන  බවත්, ඉන් සම සමහරක් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද දේශ දේශපාලන පක්ෂයක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් බවටත් හෙළි වී ඇත.  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ “ගම සමඟ පිළිසඳර” නාඩගම් තුළින්ද මේ ආකාරයෙන්ම පරිසර සංවිධානවලට මෙන්ම  පරිසර නියාමන ආයතන වන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතන වල නිලධාරීන්ට එරෙහිව ඉතා උපක්‍රමශීලීව මේකී මාධ්‍ය හරහාම විශාල ද්වේෂ සහගත ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙනයන  ලැබූ ආ ආකාරය ඔබට මතකයට නැගෙනවා ඇත. 

එසේම කෘෂි කෘෂිකර්ම ඇමැතිවරයාගේ සහ රජයේ නොහැකියාව වසා ගැනීම වෙනුවෙන් රිලවුන් බිල්ලට ගැනීම් අප තේරුම් ගත යුතුය. ලංකාවේ කෘෂි කෘෂිකර්මාන්තය බිඳ වැටී ඇත්තේ නිසියාකාරයෙන් පොහොර සහ අදාල වල් සහ පළලිබෝධ පාලනය පිළිබඳ රජයට නිසි ක්‍රමවේදයක් නොතිබීම නිසාවෙනි.  ගොවියන්ට  පොහොර  ලබා දීමට සහ  වාරි ජලය ලබා දීමට නොහැකි කෘෂි කෘෂිකර්මාන්ත ඇමතිවරුන් මෙන්ම 40% කට ආසන්න පසු අස්වනු හානිය ළක්වා ගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැති කෘෂිකර්මාන්ත ඇමතිවරුන් තම නොහැකියාව රිලවුන් වෙත පටවා ඇත. රිලවාගෙන් සිදු වන්නේ පෙර අස්වනු හානියක්   වන අතර එය බෝගයෙන් බෝගයට වෙන්ස් වන නමුත් රිලවුන්ගෙන් සිදු වන සම්පූර්ණ පෙර අස්වනු හානිය පසු අස්වනු හානිය 5% කටත් අඩු ය. 

එසේනම් විසඳිය යුතු ගැටලුවේ අනුපිළිවෙල වන්නේ, කෘෂි කර්මාන්තයේ යෙදවුම්,  පසු අස්වනු හානිය සහ වෙනත් හේතූන් නිසා සිදුවන පෙර අස්වනු හානිය වන අතර රිළවා ගෙන්් සිදුවන පෙර අස්වනු හානිය ඒ සා විසා විශාල ගැටළුවක් නොවන නමුත් එයද විසඳිය යුතු ගැටලුවක් බව පරිසරවේදීන් සහ පරිසර සංවිධාන ලෙස අපගේ විශ්වාසයයි.

රිලවාගෙන් සිදුවන පෙර අස්වනු හානියට වඩා ඇති ගැටලුව වන්නේ ගෙවතු වගාවන්ට හා නිවාස තුළට පැමිණ කරන හානීන් වේ.  කෙසේ නමුත් දේශපාලනඥයින් සහ සමහර වීද්‍යුත් මාධ්‍ය මගින් පෙන්වන්නෙ  රිලවුන් සියලු වගාවන්ට හානි කරන බවයි.  කෙසේ නමුත් රිලවුන්ගෙන් හානි සිදුවන ප්‍රදේශ  සැලකීමේවාණිජමය වශයෙන් සිදු සිදුකරන ලබන වගාවන්ට රිලවුන්ගෙන් වන හානිය ඉතාම අල්ප බව පෙනී ගොස් ඇත. එසේම රිලා ගහනය වර්ධනය  වී ඇති ආකාරය සැලකීමේදී රට පුරා විසිරී ඇති,  ජනතාව අති විශාල වශයෙන් වන්දනාමාන කරන, දහස් ගණනින් පැමිණෙන පන්සල්, පූජනීය ස්ථාන අවට වූ ගම්මාන සහ කැලෑ තුල මෙම  රිලවුන් ව්‍යාප්තවීම බහුල බව පෙනී ගොස් ඇත. එසේම මෑතක සිට එසේ පූජනීය ස්ථාන වල සිය දහස් ගණනින් බෝවී ඇති රිලවුන් අල්ලා රක්ෂිත සහ කෘෂිකාර්මික ප්‍රදේශ වල ගම්මාන වලට මුදා හරින බවට තොරතුරු ලැබී ඇත.

ලංකාවේ සුප්‍රසිද්ධධම පන්සල් විශාල ප්‍රමාණයක් රිලවුන් බෝ කිරීමේ මධ්‍යස්ථාන බවට  පත්වී ඇති අතර , එම්  රිලවුන්  බෝ කිරීමේ කාර්යය සිදු   කරන්නේද  රිලවුන් එපා කියන ගොවි ජනතාව ප්‍රමුඛ වන්දනාමාන කරුවන් විසිනි. වනාන්තර ගත්ව සිටි මෙම රිලවුන් පන්සල් සහ පූජනීය ස්ථාන අවට  ආහාර බහුල කොට, මනුෂ්‍යයන්ගේ ආහාර රටාවට පුරුදු කිරීම  සහ සිය දහස් ගණනින් බෝ කිරීමට අනුග්‍රහය  අනුබල ලබාදුන් නේද වන ජීවීන් වන වඳුරන්ට සහ රිලවුන්ට ආහ් ආහාර ලබා දීම පුරුද්දක් කරගත් වන්දනා කරුවන් විසිනි.   මිනිසුන්ගේ  ආහාර රටාවට සහ මිනිසුන්ට පුරුදු වුණු රිලවුන් ඈත  පළාත්වලට හෝ වනා වනාන්තර වලට මුදා හැරියද,  බොහෝවිට ජනාවාස වලට, ගම්මාන වලට සහ කෘෂිකාර්මික භූමි වලට පැමිණෙන්නේ මෙකී ආහාර රටාවට පුරුදු වීම සහ මිනිසුන් විසින් කැවීම පෙවීම නිසාවෙන් ඇති කරගත් පුරුද්ද නිසා බව  රිලවුන් එපායැයි දවල්ට TV වල කියා වන්දනාවේ හෝ සංචාරයේ ගොස් ආහාර වන සතුන්ට කවන හෝ කෑමට ඉතිරි කරඑන  පොදු ජනතාව ම භාර ගත යුතුය.

ප්‍රශ්නයකට පහසුම තාවකාලික උත්තරය සොයනවා වෙනුවට,  හේතුව සොයා ඊට පිළියම් යෙදීම ලංකාවේ නම් කොහෙත්ම සිදු වන්වන්නේ නැත විශේෂයෙන් දේශපාලනඥයින්ගෙන් එය  කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැක. එනිසා රිලවුන් බෝවීමට හේතු සොයනවා වෙනුවට, බෝවෙන රිලවුන් රට පටවන්නට දඟලන්නේ ඉන්ද කොමිස් ලැබෙන නිසාවෙනි. රිලවුන් වඳුරන් මෙන් ම අලි කොටි පවා ගමු ගම්මාන කරා පැමිනෙන්නට ප්‍රධාන හේතුව වී ඇත්තේ  දැඩි වනාන්තර හායනය බවත් එම්ගින් සිදු වී ඇති ආහාර සහ භූමිය අහිමි වීම් බවත් තේරුම් ගැනීමට අපහසු නොවේ.  ඉංග්‍රීසීන් රට හැර යන විට 50% කට ආසන්න ව පැවැති වනගහනය අද 17% කට අඩුවී ඇති අතර, දේශපාලනඥයින් මරා දෙන්නෙ ඉඳ හෙක්ටයාර ලක්ෂ 5ක් පමණ වනාන්තර පිටරට සමාගම් වලට හා දේශ දේශපාලන හිතවත්කම් ඇති දේශීය සමාගම් වලට විකිණීමට ය.  එසේ වන වනාන්තර විකිණූ වික් විකුණු පසු ඒ තුළ ඉන්නා වූ අලි ඇතුන්, කොටින්, වඳුරන් මෙන් ම ඌරන්, ඉත්තෑවන්, සහ ගෝනුන් වැනි සතුන්  ගම් වදින අතර, එසේ ගම්වැදීම නිසාවෙන් ගහනය වැඩි වී ඇති බවට සුපුරුදු බොරුව ප්‍රචාරය කිරීමටත්, එනිසා ගහන පාලනයට මෙම සතුන් දඩයම් කළ යුතු බවත්, එසේ නොමැතින නම් පිටරට පැටවිය යුතු බවටත් නොයෙක් ප්‍රකාශ මේ වන විටත් සිදුකර ඇත.  රිලවුන්ගෙන් ප පටන්ගෙන මෙලෙස අතිරික්තයක් ඇතැයි කියා ඇලි ඇතුන්ගේ සිට සියලුම ආකාරයේ වනජීවීන් පිටරට පැටවීම සඳහා වන මූලික අඩිතාලම දැමීම රිලවුන්ගෙන් ආරම්භ කිරීම මේ ආත්මාර්ථකාමී දේශපාලනඥයින්ගේ තාවකාලික ලාභයයි.

කෘෂිකර්මයට රිලවුන්ගෙන් මෙන්ම අලින්ගෙන් ඌරන්ගෙන් වැනිස් සතුන්ගෙන් වන හානි ගැන කතා කරන එක දේශ දේශපාලන දේශපාලනඥයකු හෝ වනා වනාන්තර මහා පරිමාණයෙන්  එළි කිරීම සහ එම නිසා වන සතුන් ගම් වැදීම ගැන කිසිදු විටෙකත් කතා නොකරන අතර රිලවුන් බෝ කිරීමට මහා පරිමාණ පූජනීය ස්ථාන මඟින්  සිදුකරන බව කිසි කිසිවිටෙකත් කියන්නේ නැත. වනසතුන්ගේ ගහනය කිසිසේත් වැඩි වී නොමැති අතර වනාන්තර අහිමි වීම නිසාවෙන් වන වනාන්තර තුළ සිටි  වනසතුන් ගම්වැදීම පමනක් වැඩිවී වී ඇත. එසේනම් විසඳිය යුත්තේ වන සතුන්ගේ වාසස්ථාන වන, වනාන්තර ආරක්ෂා කිරීම නොවේද ? විශේෂයෙන් ලංකාවේ රිලවුන් මිලි මිලියන 3.6 සිටිනවායැයි  කියන්නේ පට්ටපල් බොරුවකි.  අඩුම ගණනේ රිලව් කොපමන සිටිද යන්න තබා දහස් ගණනක් වන අලින් ඇතුන් කොපමණක් රට තුළ සිටීද යන්න වත් මෙම දේ දේශපාලනඥයින් නොදනී.

මෙහිදී ඉස්මතු කොට දැක්විය යුතු වඩා වැදගත්ම කාරණය වන්නේ දේශපාලනඥයින් වනාන්තර විනාශ කරන අතර රිලවුන් විසින් වනාන්තර ප්‍රතිස්ථාපනය ට සහ ප්‍රතිනිර්මාණයයට වසුරු හරහා සහ බීජ ප්‍රචාරනය හරහා අති විශාල දායකත්වයක් දෙන බවයි.

එම නිසා රිලා ගැටළුවට ඇති හොඳම විසඳුම් වන්නේ පන්සල්වලින් රිලවුන් බෝවීම වැල වැළැක්වීමත්, දේශපාලන අනුග්‍රහයෙන් ඉතා වේගයෙන් සිදු වන රිලවුන්ගේ වාසභූමි වන වනාන්තර විනාශවීම වළක්වා ඔවුන්ගේ වාසස්ථාන වැඩිදියුණු කර දීමත්ය. එසේ නොකරන තාක් කල් රිලවුන් පමණක් නොව අලි, කොටි, වලසුන් ගෝනුන් ඌරන් ඉත්තෑවන් පවා පිටරට පැටවීමට සිදුවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *