22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලුතර පාසල් සිසුවියක් මිය යෑමේ සිද්ධියට සම්බන්ධ කලුතර නගර මධ්‍යයේ පිහිටි පස්මහල් හෝටලය නියමිත ප්‍රමිතියට ඉදිකළ එකක්දැයි සොයා නාගරික සංවර්ධන අධිකාරිය විමර්ශණයක්…

පාසල් සිසුවියක් මිය යෑමේ සිද්ධියට සම්බන්ධ කලුතර නගර මධ්‍යයේ පිහිටි පස්මහල් හෝටලය නියමිත ප්‍රමිතියට ඉදිකළ එකක්දැයි සොයා නාගරික සංවර්ධන අධිකාරිය විමර්ශණයක් අරඹයි.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා විසින් ඊට අදාළ නියෝගය  නාගරික සංවර්ධන අධිකාරියේ කලුතර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානීන්ට අද (11) නිකුත් කරනු ලැබීය.

ඒ අනුව විමර්ශනයට සම්බන්ධ වාර්තාව හෙට (12) දිනය ඇතුළත තමන්ට ලබාදෙන ලෙසද නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා නිළධාරීන්ට නියෝගකර තිබේ.

නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පවසන්නේ අදාළ වාර්තාව තමන්ට ලැබුණු පසුව එය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙත යොමුකර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බළාපොරොත්තු වන බවයි.

යම් හෙයකින් අදාළ ගොඩනැඟිල්ල නිසි ප්‍රමිතියෙන් හා අනවසරයෙන් ඉදිකර ඇත්නම් ගොඩනැඟිල්ලේ හිමිකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇති බවද නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දෙයි

පාසල් සිසුවිය මිය යෑමේ සිදුවීමට අදාල පස්මහල් හෝටලය කලුතර නගර මධ්‍යයේ ඉතා පටු ස්ථානයක ඉදිකර තිබේ. මෙවැනි ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේදී අනිවාර්යයෙන් අවසරය හා උපදෙස් ලබා ගත යුතු ආයතන කිහිපයක් වේ.

එමෙන්ම ඉදිකිරීම් සඳහා යොදා ගන්නා ගොඩනැඟිලි ද්‍රව්‍යවල ප්‍රමිතිය විද්‍යානුකූලව සහතික කිරීමද අත්‍යාවශ්‍ය කාර්යයකි.

ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේදී පළමුව පළාත් පාලන ආයතනයෙන් අනුමැතිය ලබාගත යුතුය. මේ අනුමැතිය ලබා ගැනීමේදී අදාළ පළාත් පාලන ආයතනයේ සුවිශේෂී නීති ඇත. ඒ අනුව බිම් කැබැල්ලේ සහ නිවසේ හෝ ගොඩනැඟිල්ලේ සැලැසුම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම ඉදිකිරීමට අදාළ මූලික සැලසුම නාගරික සංවර්ධන අධිකාරියට හෝ අදාළ පළාත් පාලන ආයතනයට ඉදිරිපත් කර අනුමත කර‍ගත යුතුයි.   

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz