22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

නැගෙනහිර පළාතේ ජනතාවට පවතින ලේඛන සම්බන්ධ නීතිමය ගැටළු නිරාකරණය සහ අවශ්‍ය නීති සහන ලබාදීමේ විශේෂ ජංගම සේවාවක් මැයි මස 26 සහ 27 යන දෙදින තුළ ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක මුලික කර ගනිමින් පැවැත්වේ…..

නැගෙනහිර පළාතේ ජනතාවට පවතින ලේඛන සම්බන්ධ නීතිමය ගැටළු නිරාකරණය සහ වෙනත් නීති සහන ලබාදීමේවිශේෂ ජංගම සේවාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  2023 මැයි මස 26 සහ 27 යන දෙදින තුළ පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක මුලික කර ගනිමින් පැවැත්වීමට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පියවර තිබේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ජංගම සේවය මැයි මස 26 වන දින ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සහ මැයි 27 වන දින ජංගම සේවය මඩකලපුව ගුරු පුහුණු  විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවට ද  මෙම ජංගම සේවා තුළින් ලබා දෙන පහසුකම් ත්‍රිකුණාමලය සහ මඩකලපුව මධ්‍යස්ථාන වෙත පැමිණිමෙන් ලබා ගැනීමේ හැකියාව තිබේ.

පුරවැසි භාවය ලබා ගැනීම සම්බන්ධ ගැටළු විසදීම, උප්පැන්න විවාහ සහ මරණ ලියාපදිංචි කිරීම සම්බන්ධ ගැටලු සහ එම ලේඛන ලබා ගැනීම සම්බන්ධ ගැටළු විසදීම, ජාතික හැදුනුම්පත් ලබා ගැනීම, සංශෝධනයන් සිදු කිරීම, සහ නැති වු හැදුනුම්පත් සදහා දෙවන පිටපතක් නිකුත් කිරීමට අදාළ සේවාවන් සැපයීම, ඉඩම් ගැටළු සහ නැවත පදිංචි කිරීම්වලට අදාළ ගැටළුවලට විසදුම් ලබාදීම, හානි පූර්ණයන්ට අදාළ වන්දි ලබා ගැනීම සදහා ඉල්ලුම් කර ඇති පුද්ගලයින්ගේ ගොනුවල පවතින අඩුපාඩු සම්පුර්ණ කිරීම, අතුරුදහන් වු තැනැත්තන් පිළිබද විමර්ශන පැවැත්වීම සහ එම විමර්ශනවලට අදාළ අත්‍යවශ්‍ය ලේඛණ සම්පුර්ණ කිරීම, සමථකරණය පිලිබදව දැනුවත් කිරීමේ වැඩ සටහන් පැවැත්වීම, ඉඩම් සම්බන්ධ විශේෂ සමථ මණ්ඩල පිළිබද දැනුවත් කිරීම, නීති උපදෙස් ලබාදීම හා නීති සායන පැවැත්වීම මෙම ජංගම සේවාව තුළි දී සිදු වේ.

මෙම ජංගම සේවය සදහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියලර් අංශය, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, පුද්ගලයින් ලිපයාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව, පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාලය, හානි පුර්ණය සදහා වන කාර්යාලය, අතුරුදහන් වු තැනැත්තන් පිළිබද කාර්යාලය, ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලය, සමථ මණඩල කොමිෂන් සභාව හා නීති ආධාර කොමිෂන් සභාව ඇතුළු රාජ්‍ය අයතන නිලධාරීන් මෙම විශේෂ ජංගම සේවාව සදහා සහභාගි වේ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz