22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ඒකාබද්ධ කම්කරු නීති පද්ධතිය සම්බන්ධයෙන් වන යෝජනා සංක්ෂ්තය ඉදිරි සතියේදී ඉදිරිත් කරනවා – කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ජාතික කම්කරු උපදේශක සභාවට දැනුම්දේ

ඒකාබද්ධ කම්කරු නීති පද්ධතිය සම්බන්ධයෙන් වන යෝජනා සංක්ෂ්තය ඉදිරි සතියේදී ඉදිරිත් කරනවා – කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ජාතික කම්කරු උපදේශක සභාවට දැනුම්දේ

ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සදහා මේ වන විට ඉදිරිපත්ව තිබෙන යෝජනාවන්හි සංක්ෂිප්තයක් ලබන 14 වැනිදා ඉදිරිපත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජාතික කම්කරු උපදේශක සභාවට දැනුම් දුන්නේය.

අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික කම්කරු උපදේශක සභාව ඊයේ සවස රැස්වූ අතර එහිදී මේ බව සදහන් කළේය. 

නව කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සදහා වන යෝජනා ලබාගැනීමේ සංවාදය සෑම සතියකම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන් අතර එයට ඉදිරිපත්ව තිබෙන යෝජනා සංක්ෂිප්තය ඉදිරිපත් කිරීමෙන් පසුව දළ පනත් කෙටුම්පතක් සකස් කිරීම ආරම්භ කරන බව අමාත්‍යවරයා සදහන් කළේය. එම දළ කෙටුම්පත ජාතික කම්කරු උපදේශක සභාව වෙත ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා කීවේය. 

මේ අතර ජාතික කම්කරු උපදේශක සභාව මාසිකව කැදවීමේ වැදගත්කම අමාත්‍යවරයා විසින් පෙන්වා දුන්නේය.  

ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිකත්වය තුළ කිසියම් ක්ෂේත්‍රයක් මග ඇරී තිබේ නම් ඒ පිළිබදව සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට කමිටුවක් පත් කිරීමටද ජාතික කම්කරු උපදේශක සභාව මෙහිදී එකගතාැය පළ කළේය. 

මේ අතර වෘත්තීය සමිති විසින් ජාතික කම්කරු උපදේශක සභාවට කාන්තා නියෝජනයක් ඉදිරිපත් නොකිරීම නිසා වඩා වැඩි නියෝජිකත්වයක් සහිත කාන්තා වෘත්තීය සමිති නියෝජිතයෙක් පත් කිරීම සදහාද ජාතික කම්කරු උපදේශක සභාව අනුමැතිය ලබාදුන්නේය. 

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz