22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

පොල් තෙල් මිල වැඩි කර ගැනීමේ සූදානමක්!

මේ වන විට පොල් ගෙඩියක් වෙළදපොලේ අලෙවි වන්නේ රුපියල් 120-130 ක් වැනි අධික මිලකටය. විවිධ හේතු නිසා වෙළදපලේ පොල් මිල ඉහළයනු ලබයි. පොල් මිල ඉහළගියද වෙළදපොලේ පොල්තෙල් අලෙවි වන්නේ සාධාරණ මිලකටය. එසේ වන්නේ පොල් තෙල් සැපයීමේ කාර්යක්ෂමතාවයක් පවතින නිසාය. එහෙත් පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්යැයි කියා ගන්නා පිරිසක් විසින් පොල් තෙල් මිල ඉහළ දැමීම සදහා පාර කපමින් සිටී. පාරිභෝගිකයින්ට අධික මිලකට  බිත්තර හා කුකුලු  මස්  මිලදී ගැනීමට සිදුව ඇත්තේද මෙවැනිම කූට ව්‍යාපාරිකයින් නිසාය.

දැනට වෙළදපොලේ පවතින පොල් තෙල් සැපයුම අඩාල කර පොල් තෙල් හිගයක් මවාපෑම සදහා කටයුතු සූදානම් කරමින් සිටින මොවුන්ගේ අරමුණ වන්නේ පොල් තෙල් මිල වැඩිකර ගැනීමයි. පසුගිය වසරේද මෙම ආකාරයටම මෙම පිරිස විසින් පොල්තෙල් මිල කෘතිවම වැඩි කරගන්නා ලදී.

නිසි අමුද්‍රව්‍යය නොයොදා, තත්ව පාලනයකින් තොරව පොල් තෙල් නිෂ්පාදනය කරන මෙම පිරිස පොල් තෙල් මිල, පාම් තෙල් මිලට වඩා කෘතිමව වැඩි කරගෙන ශරීරයට අහිතකර, මිලෙන් අඩු පාම් තෙල් පොල්තෙල් සදහා  කවලම් කර පාරිභෝගිකයාට අලෙවි කර අධික ලාභ ලබා ගැනීමේ සිය කූට අරමුණ ඉටකර ගැනීම සදහා මාන බලමින් සිටී.

අප සංවිධානය විසින් පසුගිය කාලය පුරාම මෙවැනි කූට ව්‍යාපාරිකයින්ගේ උත්සහයන් පිළිබදව වගකිය යුතු අංශ දැනුවත් කරනු ලැබුවේ මෙවැනි කූට ව්‍යාපාරිකයින්ගෙන් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සදහාය. මොවුන්ගේ මෙම උත්සහය සාර්ථක වුවහොත් මෙරට පාරිභෝගිකයාට පොල් තෙල් අධික මිලකට මිලදී ගැනීමට සිදුවනවා පමණක් නොව විෂ පාම් තෙල් කවලම් කරන ලද පොල් තෙල් මිලදී ගැනීමටද සිදුවේ.

මෙවැනි කූට ව්‍යාපාරිකයින්ගෙන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයා ආරක්ෂා කර දෙන ලෙස අප සංවිධානය වගකිව යුතු ආයතන වලින් ඉල්ලා සිටිමු.  

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz