22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ඇමැතිවරයාගේ නම විකුණන විදේශ රැකියා ජාවාරම්වලට අහුවෙන්න එපා

තමන්ගේ නම භාවිතා කරමින් හෝ තමන්ගේ සහෝදරයෙක්, ඥාතියෙක් හෝ කාර්ය මණ්ඩලයේ නිලධාරියෙක් බව පවසමින් විදේශ රැකියා සදහා මුදල් එක් රැස් කරන කිසිදු පුද්ගලයෙක්ට මුදල් ලබා නොදෙන ලෙසත්, එවැනි කිසිදු ගනුදෙනුවක් සම්බන්ධයෙන් තමන් වගකීමක් නොදරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කර සිටී.

එවැනි කිසිදු ගනුදෙනුවක් සම්බන්ධයෙන් තමන්ගේ මැදිහත්වීමක් නොමැති බවද අමාත්‍යවරයා සදහන් කරයි. තමන්ගේ පවුලේ කිසිදු අයෙක් හෝ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ කිසිදු නිලධාරියෙක් විදේශ රැකියා නියෝජිත ආයතන පවත්වාගෙන යාමේ ව්‍යාපාරයකට සම්බන්ධවී නොමැති බවද අමාත්‍යවරයා පවසයි.

විදේශ රැකියා සදහා යොමු කරන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් රැස් කරන ජාවාරම් දිවයින පුරා විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක වන බවට තොරතුරු වාර්තා වේ. එවැනි ජාවාරම් වැලැක්වීම සදහා දැඩි නීතිමය පියවර ගැනීමට අමාත්‍යවරයා සක්‍රීය ලෙස මැදිහත්වන අතර, ජාවාරම්කරුවන් සදහා අමාත්‍යවරයාගේ කිසිදු ආශිර්වාදයක් හිමි නොවන බවද අවධාරණය කර සිටී.

විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් යොමු කිරීමට හැකි වන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතනවලට පමණක් වන අතර, එම ආයතන සමග පමණක් සම්බන්ධවී කටයුතු කරන ලෙසට මහජනතාවට දැනුම්දී සිටි. 

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz