22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ඉන්දියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර සාම සමුළුවේ සහ ගෝලීය සාම සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධිකරණ ඇමති සහභාගි වෙයි.

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි බෙතුල් දිස්ත්‍රික්කයේ අම්ලා හි පැවති ජාත්‍යන්තර සාම සමුළුවේ සහ ගෝලීය සාම සම්මාන ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහභාගි විය. සමුළුවේ මුඛ්‍ය දේශනය පවත්වීම ද අමාත්‍යතුමා විසින් සිදු කරන ලදී.

මෙම සමුළුවට සහභාගි වන ලෙස ගගන් මලික් පදනම සහ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්ත රජය අධිකරණ අමාත්‍යතුමාට ආරාධනා කර තිබුණි.

බුද්ධ ධර්මයට සහ අධ්‍යාපන ක්ෂේත්‍රය සදහා අධිකරණ අමාත්‍යවරයා විසින් සමාජයට කරන ලද මෙහෙවර ඉතා අගය කොට සලකන අතර, මෙම සමුළුවේදී සාමය පිළිබඳ අමාත්‍යතුමාගේ අදහස්  බෙදා ගැනීම අරමුණ වී ඇති අතර, සාමයේ පණිවිඩය ලොවට ලබාදීමේ අරමුණින් මෙම ජාත්‍යන්තර සාම සමුළුව සංවිධානය කර තිබු අතර, මෙහිදී තවත් බොහෝ රටවල් සහ විවිධ ආගම්වලට අයත් පුද්ගලයින් ඔවුන්ගේ අදහස් සහ දැක්මන් බෙදා ගැනීමට සහභාගී වී තිබේ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz