22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

2023 පාසල් ආසියානු කණිෂ්ඨ කරාතේ ශූරතාවලියේදී දස්කම් දැක්වූ මධ්‍යම පළාතේ සිසු දරුවන් ඇගයීමට ලක් කෙරේ .

2023 පාසල් ආසියානු කණිෂ්ඨ කරාතේ ශූරතාවලිය රටවල් 08ක සහභාගීත්වයෙන් සිංගප්පූරුවේදී ඉකුත් 8දා පැවති අතර, එහිදී  දස්කම් දැක්වූ මධ්‍යම පළාතේ සිසු දරුවන් ඇගයීමට ලක්කිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (19) කටයුතු කළේය.

ඒ අනුව,කාතා අංශයෙන් දෙවන ස්ථානය සහ කුමිතේ තරග ඉසව්වෙන් තෙවන ස්ථානය  දිනාගත් එස්.වෙලගෙදර  සිසුවාද  කුමිතේ තරග ඉසව්වෙන් තෙවන ස්ථාන  දිනාගත්  පී.වික්‍රමසිංහ, එම්.රන්තිලක, එස් රත්නායක යන දරුවන් ද කාතා අංශයෙන් තෙවන ස්ථානය දිනාගත්  දැක්වු එස්.ධර්මරත්න යන සිසු දරුවන් ද  මෙලෙස ඇගයීමට ලක් කල අතර, එම අවස්ථාව සදහා එම ක්‍රීඩකයන්ගේ පුහුණු ගුරුවරයා ද එක් විය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz