22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

නියඟයෙන් විල්පත්තුවට දැඩි බලපෑමක්

පවතින නියඟය විල්පත්තුව ජාතික වන උද්‍යානයට තදින් බලපා ඇති බව වන ජීවී නිලධාරීහු පවසති. මේ හේතුවෙන් උද්‍යානයේ ස්වාභාවික විල්ලුවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටී ඇති බවත්, සිඳී ඇති කෘත්‍රිම පොකුණුවලට නිරන්තරයෙන් ජලය බවුසර්වලින් ගෙනැවිත් පිරවීමට කටයුතු කරමින් සිටින බවත් උද්‍යාන පාලක සුරංග සේනානායක මහතා පවසයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“මේ වියළි තත්ත්වය නිසා උද්‍යානය පුරා තෘණ බිම් සියල්ලම සම්පුර්ණයෙන් වියළි ගිහින්. මේ හේතුවෙන් තෘණ පමණක් ආහාරයට ගන්නා වන සතුන් ආරක්ෂා කරගැනීම බරපතළ තත්ත්වයක්. වන උද්‍යානයේ දකුණු දෙසින් මෝදගම් ආරු ද, උතුරු දෙසින් කලා ඔය ද පිහිටා තිබෙනවා. උද්‍යානය භූමි ප්‍රමාණයෙන් විශාල නිසා වන සතුන් ජලය සොයා නිරන්තරයෙන් ස්වාභාවික විල්ලු සහ කලා ඔය හැර මෝදගම් ආරු වෙත පැමිණෙනවා. වන ජීවි නිළලධාරීන් පවසන්නේ සිඳී ඇති කෘත්‍රිමව ඉදි කළ කොන්ක්‍රීට් පොකුණුවලට ජලය පුරවන තෙක් වන සතුන් බලා සිටින බවයි.”

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz