උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
බලන සහ ඉහළකෝට්ටේ අතරදී දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙන් මෙලෙස දුම්රිය ගමනාගමනයට බාධා පැමිණ තිබෙයි.
මේ වන විට එය ඉවත් කිරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.