22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

පානීය ජලයට වස දමා සතුන් දඩයම් කිරීමේ ජාවාරමක තොරතුරු සෙල්ලකතරගමින් හෙළිවෙයි

සෙල්ලකතරගම ප්‍රදේශයට මායිම ඇති යාල  රක්ෂිත ප්‍රදේශයන්හි  දඩයම් කරුවන් විසින් දිය කඩිති හා  වැවු ආශ්‍රිත වලවල් සාදා ඒවාට වස මිශ්‍ර කර සතුන් දඩයම් කර එම සතුන්ගේ මස් කතරගම ප්‍රදේශයන්ට පැමිණෙන පිරිස් වෙත හා  විවිධ ප්‍රදේශයන් අලෙවි කරීමේ ජාවරාමක් පිළිබද  වනජීවී නිලධාරින් විසින් අනාවරණය කරගෙන තිබේ.

ඒ අයුරින් වස දමා මියගිය සතුන්ගේ මස් අලෙවි කිරීම තුලින් මිනිස් ජිවිත අවධානමක් ද පවතින බවයි වනජීවී නිලධාරීන් පෙන්වා දෙයි.

විශේෂයෙන්ම ප්‍රදේශයේ  මේ වනවිට පවතින අධික පැයුම් තත්වය තුල  සතුන්ට බිමට ජලය ඇති ප්‍රදේශයන් ද  අඩුවී තිබේ . ඒ තත්වය තුල වතුර සොයා පැමිණෙන සතුන්ට දිය වලවල් සාදා එම දිය වලවල් තුලට  මේ ආකාරයෙන් වස යොදා සතුන්  මරා මස් පිණිස විකිනීමට දඩයක් කරුවන් කටයුතු කරනු ලබන බවයි වනජීවී නිලධාරීන් පවසයි.

මේ ආකාරයෙන් මියගිය සතුන්ගේ මළසිරුරු ගණනාවක් මේ වනවිට සොයා ගැනීමට වනජීවී නිලධාරීන් සමත්වී ඇති මුත් ඒ සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකු සොයා ගැනීමට මෙතක් හැකි වී නොමැත.

විශේෂයෙන්ම  කතරගම වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් ඉලක්ක කරගනිමින් ඔවුන්ට අවශ්‍ය මස් ලබා දීමට වස යොදා මරණ ලද සතුන්ගේ මස් අලෙවි කිරීමට සිදුකරන බවට තොරතුරු ලැබී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් තොරතුරක් වෙතොත් වනජීවී නිලධාරීන් දැනුවත් කරන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz