ශ්‍රී ලංකාවේ අනුමත පළිබෝධනාශක අතර, අධි අන්තරායකර පළිබෝධනාශක 40ක්
ගෘහාශ්‍රිත භාවිතයට අනුමත රසායනික අතර අධි අන්තරායකර පළිබෝධනාශක
14ක්
ගොවීන් අතර පවතින රැකියා ආශ්‍රිත රෝග පිළිබඳව අවධානය අල්පයි. මානව
හිමිකම් කඩවීමක්!
පාරිසරික කෘෂිකර්මාන්තය ගැටළු සියල්ලට නිවැරදිම විසඳුමයි.
අධි අන්තරායකර රසායනික පිළිබඳව පරිසර යුක්ති කේන්ද්‍රය සකස්කල වාර්තාවෙන් හෙළිවූයේ, නොවැම්බර් 24,
2016 දින නිකුත් කල අතිවිශේෂ ගැසට් අංක 1994/71න් නිර්දේශ කර ඇති රසායනික වලින් 40ක්ම, 2022 පෑන්
ලැයිස්තුවට (PAN international consolidated list of banned pesticides, 6 th Edition, May 2022) අනූව අධි
අන්තරායකර රසායනික වන බවයි. මෙයින් 14ක්ම ගෘහාශ්‍රිත පළිබෝධනාශක සඳහා නිර්දේශ කර ඇති රසායනික වේ.
මෙම වාර්තාව සකස් කිරීමේ මූලය අනුග්‍රහය දැක්වූයේ අයිපෙන් (International Pollutants Elimination Network –
IPEN) ආයතනයයි.
“අධි අන්තරායකර රසායනික මේ වෙනකොට ලෝකයේ විෂ පිළිබඳ හදාරන කණ්ඩායම් වල ප්‍රධාන මාතෘකාවක්. විවිධ
පර්යේෂණ කණ්ඩායම්, මෙම රසායනික සහ පිළිකා පිළිකා, ස්නායු පද්ධතියේ ආබාධ, ප්‍රජනන ගැටළු,
ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඇති බලපෑම්, මෙන්ම අන්තරාසර්ග පද්ධතියට ඇති බලපෑම් සමඟ ඇති සම්බන්ධතා පිළිබඳ
හෙළිදරව් කරනවා. නමුත් අපි රටක් විදියට මේ ප්‍රශ්නයට දීල තියෙන්නෙ අවම අවධානයක්. රැකියාවක් වශයෙන් හෝ
හෝ පවුලේ අය සමඟ බෝග වගා කිරීමේදී පළිබෝධනාශකවලට නිරාවරණය වීම හේතුවෙන් කාන්තාවන්ට සහ දරුවන්ට
සිදුවන බලපෑම පිළිබඳව ශ්‍රී ලංකාව සඳහා නිසි ලෙස අධ්‍යයනයක් හෝ වාර්තාගතකිරීමක් සිද්ධවෙලා නැහැ”,
ජ්‍යෙෂ්ඨ උපදේශක, හේමන්ත විතානගේ, පරිසර යුක්ති කේන්ද්‍රය.
පසුගිය වසර 5ක දත්ත විමසා බැලීමේදී දල වශයෙන් ශ්‍රී ලංකාවට වසරක් තුල, වල් නාශක මෙට්‍රික් ටොන් 2181ක්,
කෘමි නාශක මෙට්‍රික් ටොන් 1183ක් සහ දිලීර නාශක මෙට්‍රික් ටොන් 896ක් ආනයනය කරන බව හෙළි විය. මේවා
වරක් භාවිත කල පසු ආහාර සමඟ මෙන්ම පස, වාතය සහ ජලය හරහා මිනිසාට වක්‍රාකාර ලෙස ද ශරීරගත විය
හැකිය.
මෙම වසරේ (2023) ජනවාරි සිට මාර්තු දක්වා, දිස්ත්‍රික්ක 9අක, ස්ත්‍රී මෙන්ම පුරුෂ ගොවි මහතුන් 373ක් යොදාගෙන
අපි කල පර්යේෂණයෙන් ගොවීන් පළිබෝධනාශක භාවිතයේදී, ගබඩා කිරීමේදී වගේම බැහැර කිරීමේදී සිදුකරන වැරදි
පුරුදු රැසක් අපි නිරීක්ෂණය කලා. නොදන්නා රසායනික මිශ්‍ර කර භාවිතා කිරීම, පළිබෝධනාශක බඳුන් වෙනත්
ප්‍රයෝජන සඳහා යොදා ගැනීම (වැසිකිළි බඳුන්), හිස් බඳුන් පැකට් විවෘතව බැහැර කිරීම හෝ විවෘතව පුළුස්සා දැමීම,
නිවැරදි ආරක්ෂිත උපාංග භාවිතාවකින් තොරව පළිබෝධනාශක මිශ්‍ර කිරීම සහ ඉසීම, මේවායින් සමහරක්. අත්දිග
කමිසය, රෙදි මුඛ ආවරණ වගේ දේවලින් පළිබෝධනාශක වලට සමට නිරාවරණය වීම වළක්වන්න බැහැ”, සුපුන් සංජීව,
පරිසර නිලධාරී පරිසර යුක්ති කේන්ද්‍රය.
2
“රසායනික භාවිතයේ තියෙන හානිකර තත්ව ගැන දැනුවත් කිරීම සඳහා පරිසර යුක්ති කේන්ද්‍රය විවිධ වැඩසටහන්
කරල තියෙනවා. නමුත්, විකල්ප පිළිබඳ තියෙන සෘණාත්මක ආකල්ප, පළිබෝධනාශක භාවිතයේ පරිසරයට, සෞඛ්‍යයට
ඇති බලපෑම පිළිබඳ අල්ප දැනුම, රසායනිකවලට සාපේක්ෂව, කාබනික ආදේශක වෙලඳපොලේ හිඟවීම අපිට පාරිසරික
කෘෂිකර්මාන්තයට යන්න තියෙන ප්‍රධානම බාධක විදියට අපි දකිනවා. මේ පරිවර්තනය සඳහා රජයේ දේශපාලනික
ව්යුහයෙන්, වගේම ගොවීන් සමඟ කටයුතු කරන බිම් මට්ටමේ නිලධාරීන්ගේත් දැඩි කැපවීමක් අවශ්‍යයි”, දිලෙන
පාත්‍රාගොඩ, විධායක අධ්‍යක්ෂ, පරිසර යුක්ති කේන්ද්‍රය.
අයිපෙන් යනු, හානිකර රසායනිකවලින් මිනිසාට සහ පරිසරයට ඇති හානිය වැළැක්වීමට කටයුතු කරන, රටවල් 120ක
පමණ ක්‍රියාකාරී රාජ්‍ය නොවන සංවිධාන 600කට වඩා වැඩි ගණනකින් සමන්විත, ජාත්‍යන්තර ජාලයකි.
පරිසර යුක්ති කේන්ද්‍රය යනු 2004 වසරේ සිට ක්‍රියාත්මක වන, පරිසර සාක්ෂරතාවය වර්ධනයට, පරිසර නඩුකර
මෙන්ම නෛතික උපදේශකත්වයෙහි යෙදෙන, සාමාන්‍ය ප්‍රජාව තුල විද්‍යා දැනුම ප්‍රවර්ධනයට කටයුතු කරන ජාතික
මට්ටමේ සංවිධානයකි.