කුකුළු මස් මිල සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට හැකි වූ බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි
ඔවුන් ඒ් බව පැවැසූවේ වෙළෙඳ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදීය
මේ අනුව දෙසැම්බර් උත්සව සමයේ දී දැනට රුපියල් 1,250කට අලෙවි වන කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,100ක මුදලකට විකිණීමේ හැකියාවක් පවතින බවයි එහි සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ.