සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළඳ ක්‍රමවේදය (DCTS) ශක්තිමත් කිරීම සඳහා සමුච්චිතකරණ අපනයන ක්‍රමයක අවශ්‍යතාව JAAFඅවධාරණය කරයි

එක්සත් රාජධානිය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ වරණීය තීරුබදු ක්‍රමය (GSP) මගින් හඳුන්වා දෙනු ලැබූ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළඳ ක්‍රමෙව්දය (DCTS)මගින් ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර පවතින ද්විපාර්ෂ්වික වෙළෙඳාම ශක්තිමත් වූ අතර මෙමගින් ශ්‍රී ලංකාව විසින් එක්සත් රාජධානිය වෙත අපනයනය කරන භාණ්ඩ වර්ග 150ක් අතුරින් 80%රක ප්‍රමාණයක් මුළුමනින්ම තීරුබදුවලින් තොරව අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය. දැඩි විදේශ විනිමය අවශ්‍යතාව සහ අපනයන ධාරිතාව පුළුල් කිරීම යන අවශ්‍යතාවන් දැඩිව ක්‍රියාත්මක කළ යුතු අවස්ථාවක ශ්‍රී ලංකාව ලැබූ මෙම සහනය තවදුරටත් ශක්තිමත් කළ යුතු බව ඒකාබද්ධ ඇඟළුම් සංගමෙය් අවධාරණය කර සිටී. එක්සත් රාජධානියේ වෙළෙඳෙපාළ ශ්‍රී ලංකාව කෙරෙහි අතිශය තීරණාත්මක වන අතර මෙරට ඇඟළුම් අපනයනයන්ගෙන් 12.83%ක් එක්සත් රාජධානිය වෙත අපනයනය කෙරේ.

මෙරට ඇඟළුම් සහ ඇඟළුම් ආශ්‍රිත නිෂ්පාදන සඳහා එක්සත් රාජධානිය තුළ ඉහළ පිළිගැනීමක් පවතින බැවින් පසුගිය කාලසීමාව පුරාවටම මෙම ක්ෂේත්‍රය සඳහා බි්‍රතාන්‍ය ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත. දැනටමත් බි්‍රතාන්‍ය සමාගම් 100කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව තුළ සිය ව්‍යාපාරයන් සාර්ථකව පවත්වාගෙන යනු ලබයි.

මේ නිසා එක්සත් රාජධානිය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ වරණීය තීරුබදු ක්‍රමය (GSP)තුළ හඳුන්වා දෙනු ලැබූ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළඳ ක්‍රමෙව්දය (DCTS) මගින් දැනට ක්‍රියාත්මක වන බි්‍රතාන්‍ය වරණීය තීරුබදු ක්‍රමය (GSP) විසින් පනවා ඇති සීමාවන් අතික්‍රමණය කරමින් සමුච්චිතව අපනයනයන්ගේ ඵලදායීතාව වර්ධනය කර ගැනීමට හැකි වනු ඇත. නිදසුනක් ලෙස එක්සත් රාජධානිය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ වරණීය තීරුබදු ක්‍රමය (GSP)තුළ භාණ්ඩයක නිෂ්පාදිත රට යන කරුණ කෛරහි දැඩි සැලකිල්ලක් දක්වන අතර ශ්‍රී ලංකාව විසින් අපනයනය කරන ඇඟළුම් සඳහා වන යෙදවුම් මුළුමනින්ම රටවල් ගණනාවකින් ආනයනය කරන පසුබිමක අදාළ නිතීවලට අනුව මෙරට නිපදනවන ඇඟළුම්වලින් තීරුබදු රහිතව අපනයනය කළ හැකි ප්‍රමාණය 50%ක් වනු ඇත. ජාත්‍යන්තර වෙළෙඳ සංගමය මගින් පනවා ඇති රෙගුලාසි වලට අනුව නිෂ්පාදනයක සම්භවය පිළිබඳ නීති මගින් එකීනිෂ්පාදනෙයහි ජාතිකත්වය තහවුරු කෙරන අතර යම් නිෂ්චිත යෝජනා ක්‍රමයක් යටෙත් තීරුබදු සහනයන් හෝ වෙනත් වෙළෙඳ සහනයන් සඳහා සුදුසුකම් ලබන්නේදැයි යන්න තීරණය කෙරෙණු ඇත. ඇඟලුම් කර්මාන්තය සඳහා මෙම රෙගුලාසි වඩාත් දැඩිව ක්‍රියාත්මක වන්නේ ඇඟළුම් නිෂ්පාදනයට අදාළ සමස්ථ ක්‍රියාවලිය අදියර ගණනාවකින් සමන්විත වීමත් සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය තුළ වැඩිම අදියර ප්‍රමාණයක් සිදුකරන රට එම ඇඟළුම්වල නිෂ්පාදිත රට බවට පත් වන්නේය. විශාල ප්‍රතිලාභ ගොන්නක් සමග වූවද ඇඟළුම් ක්ෂේත්‍රයට අදාළව නිෂ්පාදන සම්භවය හෙත් එම භාණ්ඩ නිපදවන රට යන කරුණ මත සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළඳ ක්‍රමෙව්දය හෙවත් DCTSහරහාද පූර්ණ තීරුබදු වාසිය ලබා ගනිමින් බි්‍රතාන්‍ය වෙළෙඳෙපාළට ඇතුළුවීමට අපට තවමත් හැකියාව ලැබී නැත.

එහෙත් DCTSක්‍රමෙව්දෙයහි තවත් වාසියක් වන්නේ ඌණ සංවර්ධිත නොවන රටවලට සහ ව්‍යාපාරයන්ට බි්‍රතාන්‍ය වෙළෙඳෙපාළට පිවිසීමේදී සෑම අපනයන අවස්ථාවක්ම වෙන් වෙන් වශෙයන් සැලකීම හේතු කොට ගෙන සමුච්චිත අපනයනයක් ලෙස පවත්වාගෙන යෑමට ඇති හැකියාවයි. සමුච්චිත අපනයනය තුළ අමුද්‍රව්‍ය වෙනත් රටවලින් ආනයනය කොට නිෂ්පාදනය කරන භාණ්ඩයන් එහි නිෂ්පාදන ක්‍රියාවලිය තුළ පසුකරන අදියරයන් ගණන අනුව එහි සම්භවය තීරණය කෙර්. සමුච්චිත නිෂ්පාදන ක්‍රියාවලිය තුළ යම් නිෂ්පාදනයක සම්භවය නිර්ණය කිරීමේ නීති සමාන්‍ය වෙළෙඳ නීතිවලට සාපේක්ෂව ලිහිල් බැවින් විවිධ රටවලින් අමුද්‍රව්‍ය ලබා ගෙන අවසන් නිෂ්පාදනයන් සිදු කරන සමාගම් සහ රටවලට වඩාත් පහසුවෙන් DCTSක්‍රමෙව්දෙය හරහා බි්‍රතාන්‍ය වෙළෙඳෙපාළට පිවිසීම පහසු කරයි.

එබැවින් පවතින තත්වය තුළ එක්සත් රාජධානිය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ වරණීය තීරුබදු ක්‍රමෙයහි GSP අවාසි මගහරවා ගනිමින් DCTSක්‍රමෙව්දෙයහි උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සමුච්චිත අපනයන ක්‍රියාදාමය වෙත පිවිසීමට ඇඟළුම් කර්මාන්තයට අවශ්‍ය සහාය ලබා දීමට රජය මැදිහත් විය යුතු බව ඒකාබද්ධ ඇඟළුම් සංසදය අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *