අයහපත් කාලගුණයෙන් 53,399ක් බලපෑමට ලක් වෙති

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 12ක පවුල් 13,027ක පුද්ගලයින් 53,399ක් බලපෑමට ලක් වී ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ඊයේ (6) පස්වරුවේ සිය දෛනික තත්ව වාර්තාව නිකුත් කරමින් සඳහන් කළේය. මෙසේ අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට ලක්ව සිටින්නේ රත්නපුර, කෑගල්ල, කොළඹ, කළුතර, ගම්පහ, මාතර, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, කුරුණෑගල, යාපනය, මඩකලපුව දිස්ත්‍රික්වල ජනතාවය. මේ වන විට අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මරණ හයක් වාර්තා වී ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 20කි. පූර්ණ නිවාස හානි 5කි. අර්ධ නිවාස හානි 720කි. ආරක්ෂිත ස්ථාන 16ක පවුල් 381ක පුද්ගලයෝ 1556ක් සිටිති. කොළඹ, ගාල්ල, ගම්පහ, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, රත්නපුර දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක් සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව අද (7) දින පෙරවරුව දක්වා එම අනතුරු ඇඟවීම් වලංගු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *