22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් 53.4% ඉහළට

විදේශ ගත ශ්‍රි ලාංකිකයින් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ දිවයිනට එවූ ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් 2023 වසරේ මුල් මාස 8 තුළ අමෙරිකානු ඩොලර් මිලියන 3863 විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් දිවයිනට ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කරයි.

2022 වසරේ මුල් මාස 8 තුළ ඇමරිකානු ඩොලර් මිලියන 2215 ක ප්‍රේෂණ ප්‍රමාණයක් විදෙස් ගත ශ්‍රි ලාංකිකයින් එවා ඇති අතර, ඒ අනුව 2023 වසරේ ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් පෙර වර්ෂය හා සැසඳීමේදී 74.4%න් ඉහළ ගොස් තිබේ.

මේ වසරේ අගොස්තු මාසයේදී පමණක් ශ්‍රමිකයින් දිවයිනට එවූ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 499ක් වන අතර, පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 325ක ප්‍රේෂණ ප්‍රමාණයක් දිවයිනට එවා ඇත. එම මාස 2 සැසදීමේදී මෙම අගෝස්තු මාසයේදී විදෙස් ප්‍රේෂණ ලැබීම් 53.4% කින් ඉහළ ගොස් තිබේ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz