22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

විදුලි ගාස්තු නැංවීමේ දත්ත 18 දාට පෙර එවන්න

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් යොමුකළ දත්ත මේ වන විට පවතින තත්ත්වයට ගැළපෙන සේ යාවත්කාලීන කර මේ මස 18 වැනිදාට පෙර යොමු කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබේ.

ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් හා යෝජනා ලබාගැනීම මෙම මස 18 වැනිදා දක්වා සිදු කෙරෙන බව ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ලංකා විදුලිබල මණ්ඩලය සැප්තැම්බර් මාසයේ දිනක විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 44.70 ක් සහ ඔක්තෝබර් සහ දෙසැම්බර් මාසවල සාමාන්‍යයෙන් දිනක විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 42.88ක් ලෙස ඉදිරිපත් කර තිබුණ ද එම විදුලි ඉල්ලුම වර්තමානය සමඟ සංසන්දනය කර නව තොරතුරු ඉදිරිපත් කරන ලෙසත් විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබේ.

ඉන්ධන අයභාරයන් වශයෙන් සියලුම පාරිභෝගිකයින්ට සියයට 22කින් ගාස්තු වැඩි කිරීම ලංවිම ඉදිරිපත් කරන එක් යෝජනාවකි. අනෙක් යෝජනාව වනුයේ විදුලි ඒකකයක් රුපියල් අටකින් වැඩි කිරීමයි.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැවරී ඇති වගකීම වනුයේ මේ යෝජනා සහ ඊට පාදක වූ පිරිවැය දත්ත අධ්‍යනය හා සමාලෝචන කර එම දත්ත කොතරම් දුරට ගාස්තු ක්‍රමවේදයට අනුකූල දැයි තහවුරුකර ගැනීමත් අවසාන තීරණය ගනු ලබන්නේ පුළුල් සමාලෝචනයකින් හා මහජන අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz