22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

බහුකාර්ය සංවර්ධන සහායකයින්ට වහාම අදාල ආයතනවලට පත්වීම් ලබාදෙන්න.

තවමත් පත්වීම් නොලද බහුකාර්ය සංවර්ධන සහායකයින්ට ලබන නොවැම්බර් 15 වෙනිදාට ප්‍රථම අදාල ආයතනවලට පත්වීම් ලබාදෙන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රජයේ නිළධාරීන්ට උපදෙස් දුන්නේය.
බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය සහ පත්වීම් ලබාදීම කඩිනම් කිරීම පිළිබඳ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2023.10.25) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
රජයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය පත්කළ නිළ කමිටුව මෙතෙක් ගනු ලැබූ පියවරයන් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුකරනු ලැබීය.
දැනට රාජ්‍ය සේවයේ ප්‍රාථමික සේවා පුරප්පාඩු සඳහා බහු කාර්ය සංවර්ධන සහායකයින් අනුයුක්ත කර පත්වීම් ලබාදීමට උපදෙස් දී ඇතත් තවමත් ඇතැම් අමාත්‍යාංශවල එම පත්වීම් ලබාදීමට කටයුතු කර නොමැත. මේ හේතුවෙන් 4780ක් වන බහු කාර්ය සංවර්ධන සහායකයින් ප්‍රමාණයකට තවමත් පත්වීම් ලබාදීමට නොහැකි වීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයාගේ දැඩි අවධානය යොමුකෙරිණි.
ඒ අනුව ලබන නොවැම්බර් 15 වෙනිදාට ප්‍රථම තවමත් පත්වීම් නොලද බහුකාර්ය සංවර්ධන සහායකයින්ට පත්වීම් ලබා දී නියමිත ස්ථානවලට අනුයුක්ත කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නිළධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, අශෝක ප්‍රියන්ත, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අමාත්‍යාංශ ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් එක්වූහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz