ප්‍රෝබියොටික් සහ පෝෂණීය ආහාර භාවිත කර නිෂ්පාදනය කරන නව්‍ය රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා ප්‍රසිද්ධියට පත් TULA එන්ටර්ප්රයිස් හි සම නිර්මාතෘ, වෛද්‍ය රෝෂිනී රාජපක්ෂ මහත්මිය ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දක්ෂ ව්‍යවසායිකාවකි. විශේෂයෙන්ම මධ්‍යම පාන්තික ඇමරිකානු කාන්තාවන් අතර ඔඹඛ් නිෂ්පාදන අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇත. එමෙන්ම අද වන විට ඔඹඛ් ව්‍යාපාරය අති සාර්ථකත්වයට පත්වීමට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ මෙය QVC විසින් සහාය දක්වන සෘජු-පාරිභෝගික ආකෘතිය භාවිතා කිරීමයි. Procter and Gamble 2022 දී ඩොලර් මිලියන 700 කට පමණ TULA මිලදී ගැනීම එම සාර්ථකත්වයේ උච්ඡුතම අවස්ථාව වූ අතර රාජපක්ෂ මහත්මිය අඛණ්ඩවම Procter and Gamble තුළ TULA හි හිමිකාරිත්වය නියෝජනය කරයි. කෙසේ වෙතත්, අද වන විට සමාගමේ අනාගතයට තර්ජනයක් වන හිමිකාරිත්වය පිළිබඳ ආරවුලක් පැනනැග තිබේ.
වෛද්‍ය රාජපක්ෂ මහත්මියගේ ස්වාමි පුර්ෂයාව සිටි සහ ප්‍රධාන ව්‍යාපාරික හවුල්කරු ලෙස කටයුතු කල විවේක් නස්ටා, ඔහුට සමාගමේ වැඩි කොටස් ලබා ගැනීම වැළැක්වීමේ සැලසුමක් පිළිබඳව රාජපක්ෂ මහත්මියට චෝදනා කිරීමත් සමඟ එහි හිමිකාරිත්වය පිළිබඳ ගැටුමක් ආරම්භ විය. ඒ අතරතුර හෙජ් අරමුදල් ක්ෂේත්රයේ ප්‍රසිද්ධ චරිතයක් මෙන්ම රාජපක්ෂ මහත්මිය සමඟ පේ‍්‍රම සම්බන්ධතාවයක් පවත්වන මනීෂ් චොප්රා මෙම අර්බුදයට සම්බන්ධ වීම තත්වය වඩාත් උත්සන්න වීමට හේතු වෙයි.
රාජපක්ෂ මහත්මියගේ අවංකභාවය පිළිබඳව ලොවක් කතා කළ ද ඇය ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් ගත් තීරණවලට ඇගේ පෞද්ගලික සබඳතා ඍණාත්මක ලෙස බලපෑම් කර තිබීම කණගාටුදායකය. නස්ටාගේ පැමිණිලි වලින් පෙනී යන්නේ ඔහු පුද්ගලික ජීවිතයේදී මෙන්ම ව්‍යාපාරික ජීවිතය තුළත් අසාධාරණයට ලක්ව ඇති බවයි. මින් පෙර සඳහන් කල පරිදි මෙහි ඇති ගැටලූකාරී තත්ත්වය වන්නේ චොප්රා මෙම අර්බුදයට සම්බන්ධ වීමයි. එය වඩාත් සංකීර්ණ හා කුතුහලය දනවන කරුණකි.
ලොවක් ඉදිරියේ ව්‍යාපාර සාර්ථකත්වය පිළිබඳව කතාබහට ලක් වූ මෙම සමාගම අද වන විට හිමිකාරිත්වය පිළිබඳ දැවැන්ත අභියෝගයකට මුහුණ දී සිටියි. එහි හාස්‍ය මුසු කරුණ වන්නේ පුද්ගලික සම්බන්ධතා මෙම ගැටුමට ප්‍රධාන හේතුවක් වී තිබීමයි. දැන් මෙම ප්‍රධාන පෙළේ රූපලාවන්‍ය ව්‍යාපාරයේ පාලනය සහ එහි අනාගතය පිළිබඳව ප්‍රශ්නාර්ථයක් මතුව ඇත. කෙසේ වෙතත් මෙහි සාධාරණ ආසාධාරණ බව පිළිබඳව මත ඉදිරිපත් කිරීමට මත්තෙන් නීතියේ පිළිසරණ පැතීම වඩාත් සාධනීය වෙයි.