”වත්මන් තත්ත්වය හමුවේ රාජ්‍ය සේවකයින් පත්වී ඇති අපහසුතා පිළිබඳව රජය ඉතා අවධානයෙන් පසුවෙනවා.” – ජනපති

ජනපති ඉටුකළ පොරොන්දුව
”වත්මන් තත්ත්වය හමුවේ රාජ්‍ය සේවකයින් පත්වී ඇති අපහසුතා පිළිබඳව රජය ඉතා අවධානයෙන් පසුවෙනවා.”
වත්මන් ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් ආර්ථිකය යථා තත්ත්වයට පත්වූ පසු එළබෙන වසර අවසානය වන විට ඔවුන්ට යම් අස්වැසිල්ලක් ලැබේවි.”
2023 නොවැම්බර් 14 වන දින අයවැය කථාව ඉදිරිපත් කරමින් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා

  • පෙර වර්ෂයේ දුන් පොරොන්දුව ඉටු කරමින් රාජ්‍ය සේවයේ වැටුප රු. 10,000 කින් ඉහළට
  • විශ්‍රාමිකයන්ට රු. 2500 ක වැටුප් වැඩිවීමක් -මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය

අපි විප්ලවීය අයවැයක් ඉදිරිපත් කළා. මේක ප්‍රගතිශීලි අයවැයක් කියලා ඒක තමයි මම කළිනුත් කිව්වේ. ආදායම සොයාගැනීම ඇතුළු අභියෝග රැසක් අපිට තිබුණා. බිලියන 2416 ක් අපිට සොයාගන්න පුළුවන් 11% ක හිඟයත් එක්ක. අපි ඍණ ආර්ථිකයක් එක්ක මේ බදු එකතු කරන්නේ. රේගුවේ සම්පූර්ණ ආදායම ලැබෙන්නේ ආනයනයෙන්. අදටත් අපිට වැඩිම ආදායමක් ලැබෙන වාහන ආනයනය නවත්වලා තමයි අපි රේගුවට ආදායම් ඉලක්ක වලට යන්න කියන්නේ. අයවැය හිඟය, ප්‍රාථමික ශේෂය අපි පවත්වාගෙන යනවා. ප්‍රාථමික හිඟය අපි දිගින් දිගටම අවශ්‍ය පරිදි දීලා තියෙනවා. අපි වර්ෂ 5 ක පමණයි ධන පැත්තට තිබුණේ. වර්ෂ කිහිපයක් මෙහෙම ගිහිල්ලා ආයෙම ඍණ පැත්තට ගිහිල්ලා තියෙනවා. ඍණ අයවැයක් එක්ක අපිට ද්විපාර්ශවීය ණයක් ලබාගත හැකිද යන්න නැවත සිතාබැලිය යුතු කාලයක් මේක. රු. බිලියන 2851 ක අයවැය හිඟයක් අපි පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට පහුගිය කාලසීමාව තුළ නිතරම විවිධ කණ්ඩායම් ඇවිල්ලා අපි එක්ක සාකච්ඡා පැවැත්වුවා. මේ හැමෝම අතරින් ගත්තහම සාමාන්‍යයෙන් එන කණ්ඩායම් 10 ක් විතර වෘත්තීය සමිති. එයාලගේ ඉල්ලීම වුණේ රාජ්‍ය සේවක වැටුප වැඩිකිරීම කියන එක. ඒවාගේම තවත් කණ්ඩායම් වලින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඒ කියන්නේ රටේ කොඳු නාරටිය, එයාලගේ ඉල්ලීම වුණේ බදු අඩු කරන්න කියලා. එක පැත්තකින් වැටුප වැඩි කරන්න කියන කොටත් අනෙක් පැත්තෙන් බදු අඩු කරන්න කියන විටත්, ඉල්ලීම් කරන විටත් අපිට මේක අභියෝගයක් වුණා. නමුත් ජනාධිපතිතුමා ඒ අභියෝගය ජයගත්තා.

මීට වසරකට කළින් නොවැම්බර් මාසේ 14 වෙනිදා අතිගරු ජනාධිපතිතුමන් අයවැය යෝජනාව ඉදිරිපත් කරද්දී කිව්වා සැලකිය යුතු ප්‍රමාණයකින් පඩි වැඩිකරනවා කියලා. ඒ අනුව, මෙවර අයවැයේදී රු. 10,000 කින් පඩිය වැඩි කරන්න මෙවර අයවැයෙන් යෝජනා කළා. රාජ්‍ය සේවකයෝ ලක්ෂ 13 කට අපි මාසයකට බිලියන 93 ක් ගෙවනවා. දැන් මේ 10,000 ත් එක්ක අපට තවත් බිලියන 13 ක් අවශ්‍යයි. අපිට පළවෙනි මාස තුනේ වැඩිවන 10,000 දෙන්න බැරි වන්නේ අපේ ආදායම් තත්ත්ව අනුව බදු ලැබෙන්නේ එතකොට ඒ ඒ බදු ගෙවන්නේ නියමිත දින වලදී . නමුත් අපි ඒ හිඟ වැටුප වර්ෂ අවසානයේදී ගෙවනවා. විශ්‍රාමිකයන්ටත් අපි පඩිය වැඩිකළා. ඒගොල්ලෝ ගැනත් හිතලා. මෙවර අපි ඉදිරිපත් කළේ විප්ලවීය අයවැයක්.

ඒ වගේම අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට, සුරාබදු දෙපාර්තමේන්තුවට, රේගු දෙපාර්තමේන්තුවට ස්තුතිවන්ත වෙනවා. අපි ඉතා පැහැදිලිව කියනවා අපි ගිය සතියේත් ඉහත නිලධාරීන් සමඟ සාකච්ඡා කළා ආදායම් අධිකාරියක් පිහිටුවීම පිළිබඳව. මේ තුළින් රටට මෙන්ම ජාතික ආර්ථිකයට මෙන්ම එම ආයතන වලටත් පැහැදිලි දැක්මක් සමඟ ඉදිරියට යාමට හැකිවෙනවා.
මීළඟට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංචාරක කර්මාන්තය පිළිබඳව, ඉතා පැහැදිලිව කියලා තියෙනවා මේ රමණීය දිවයිනේ ලොකුම විභවය තියෙන කර්මාන්තය. කෑගල්ල දිස්ත්‍රික්කයට මෙවර අයවැයෙන් 82 වන යෝජනාව විධියට අතිගරු ජනාධිපතිතුමා පින්නවල, කිතුල්ගල සංචාරක කොරිඩෝව සංවර්ධනය කිරීමට යෝජනා කිරීම. කෑගල්ල දිස්ත්‍රික්කයට සාමාන්‍ය යෙන් මට මතක ඇති කාලෙක ඇත්තටම සංවර්ධන යෝජනාවක් ලැබිලා නෑ. ජල ක්‍රීඩා හෙවත් වෝටර් රාෆ්ටින් නිතර පින්නවලට එන විදෙස් සංචාරකයන්ගෙන් බොහොමයක් වෝටර් රාෆ්ටින් වලට කිතුල්ගලට පැමිණෙනවා. මේ නිසා සංචාරක පුරවරයක් ලෙස මෙම ප්‍රදේශය සංවර්ධනය කිරීමට යෝජනා කිරීම පිළිබඳව මම ජනාධිපතිතුමාට මගේ ස්තුතිය සහ ප්‍රණාමය පුදකර සිටිනවා. ඒ වගේම කෑගල්ල දිස්ත්‍රික්කයේ කෙළවර දෙකේ ජල ක්‍රීඩාව සංවර්ධනය වෙනකොට මේ කෙළවර දෙක පිහිටි දිවාරෑ තිබෙන නගරයක් ලෙස ගලිගමුව ප්‍රදේශය සංවර්ධනය කරන්න අවධානය යොමු කිරීම පිළිබඳවත් මම නැවත වරක් ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ වගේ යටගිය දේවල් ගැන අවධානය යොමුකර ඒවා සංවර්ධනය කිරීමට කටයුතු කිරීම පිළිබඳව.

තවදුරටත් අනුන්ගෙන් යැපෙන ජාතියක් වීම අවශ්‍ය නෑ. සමහරු අහනවා වරාය නගරයේ ඉදිකිරීම් නැවතිලාද කියලා. යුතුකම් ඉටුකරන අයවැයක් මේක. විප්ලවීය අයවැයක් මේක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *