“අනිවාර්යය අධ්‍යාපනය” යන යෙදුම පිළිබඳ පැහැදිලි කිරීමක් සඳහා ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවෙන් ඉල්ලා සිටින යෝජනාවක් පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රචාරක ව්‍යාපාරයක ශ්‍රී ලාංකික සම්බන්ධීකාරක ලෙස ඔබ වෙත ලියමි.
අප මෙම ක්‍රියාමාර්ගය ගනු ලබන්නේ බොහෝ රටවල අනිවාර්යය අධ්‍යාපනය පිළිබඳ නීති එක්සත් ජාතීන්ගේ අරමුණට පටහැනි වන බැවිනි.
ලොව වඩාත්ම පුළුල්ව අනුමත කරන ලද ජාත්‍යන්තර සම්මුතිය වන ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය කාරනා කොට, යම් රටකට විශේෂිත නොවන කරුණක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් නිකුත් කරන ලෙස පුද්ගලික මට්ටමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කර සිටීමත් අතිශය දුර්ලභ බව ඔබ අගය කරනු ඇතැයි මම විශ්වාස කරමි. තවද, මෙය ශ්‍රී ලංකාව තුළ විශේෂ වැදගත්කමක් ඇති බවත් මම විශ්වාස කරමි:
- ශ්‍රී ලංකාවේ නීති සම්පාදනය එක්සත් ජාතීන් චේතනාවට අනුකූල වීම (එය මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයටත් වසර 9 කට පෙර ප්‍රකාශ කර ඇත)
- ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් මෙම යෝජනා කෙටුම්පතෙ සම කර්තෘවරයෙක් වීම
ශ්‍රී ලංකාවේ පමණක් නොව සෑම රටකම දරුවන්ගේ ගුණාත්මක අධ්‍යාපනයට ඇති අයිතිය ප්‍රවර්ධනය කිරීම උදෙසා සිදුකරණ මෙම ප්‍රචාරණ ව්‍යාපාරයට ඔබේ පුවත්පතටත් සහභාගී විය හැකි නම් එය බෙහෙවින් අගය කරමි.
ඔබගේ පහසුව සඳහා,
- පුවත්පත් නිවේදනයක් අමුණා ඇත (ඉංග්‍රීසි පිටපත මෙම ලින්කුවෙ ඇත)
- High Resolution රූපය මෙම ලින්කුවෙ ඇත.
- යෝජනාවේ සම්පූර්ණ පාඨය (ඉංග්‍රීසි) මෙම ලින්කුවෙ ඇත (උපුටා දක්වන එක්සත් ජාතීන්ගේ මුල් ලේඛනවලට සබැඳි එහි ඇතුළත් වේ)
නොවැම්බර් 20 වැනිදාට යෙදෙන එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙ සංවත්සරයට සමගාමීව අපගේ ප්‍රචාරක ව්‍යාපාරය සිදුකරන බැවින්, සංවත්සරය පිළිබඳ වෙනත් කවර හෝ ආවරණයක් සමඟ මෙය නොවැම්බර් 20 වැනිදා (හෝ ආසන්න දිනයක) ප්‍රකාශයට පත් කළ හැකි නම් එය ඉතා අගනේය.
මෙම ප්‍රචාරක ව්‍යාපාරය පිළිබඳව කිසියම් පැහැදිළිකිරීමක් අවශ්‍ය නම් 0766 65 68 68 හෝ sifaan@kinder.lk අමතන්න
මෙයට විශ්වාසී,
සිෆාන් සවාහිර්