22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

පාසල් සිසුන් දිරිමත් කිරීම සදහා සුරත මාධ්‍ය ජාලයේ වවුනියා දිස්ත්‍රික් කාර්යාලයෙන් වැඩ සටහනක්

( එස්.ඒ.එම්.ඒ. රසිකා මදුශානි )

සුරත මාධ්‍ය ජාලයේ දේශීය ප්‍රධාන සම්බන්ධිකාරක අබ්දූල් රසාක් උමර්දීන් මහතා ගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපනික කටයුතු වෙත පාසල් සිසුන් දිරිමත් කිරීම සදහා පොත්පත් සහ පාසල් උපකරණ ලබා දීමේ උත්සවයක් පසුගියදා වවුනියා දිස්ත්‍රික්කයේ තුටුවාහෙ හෙවත් දුටු වැව දී පැවැත්විණ.
මෙම අවස්ථාවට සුරත මාධ්‍ය ජාලයේ වවුනියා දිස්ත්‍රික්කය නියෝජනය කරන වවුනියා දිස්ත්‍රික්ක අධ්‍යකෂක ඒ.සී.රාසීක් මහතා සහ වවුනියා දිස්ත්‍රික්කයේ වාර්තා කරුවන් වන එස්.එම්. සබීර්, එන්. නිලාන්දිනී, ටී. ශිවනාන්ත රාසා, එස්.ඒ.එම්.ඒ. රසිකා මදුශානි, කරුණාදන් බෙනාද්, එම්.විජයරාණි යන මහත්ම මහත්මීන් සහභාගි විය.
ඉන් අනතුරුව අප සුරත මාධ්‍ය ජාලයේ නියෝජිතයින් ලගදීම ස්ථාපිත කිරීමට යෝජිත සුරත මාධ්‍ය ජාලයේ කාර්යාල පරිශ්‍රය නිරික්‍ෂණය සදහා ද දායක විය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz