22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

මහ බැංකුව ණය පොලී අනුපාතය 10% දක්වා පහත හෙලයි..

ධනාත්මක ආර්ථිකයකට මග විවර කිරීමේ පියවරක් බව මුදල් රාජ්‍ය ඇමැති සියඹලාපිටිය කියයි.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාත සිවු වැනි වරටත් පහත හෙළිම මෙරට ධන ආර්ථිකයක් කරා යාමේ මග විවර කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මහ බැංකුව තැන්පතු පොලී අනුපාතය 9% දක්වා සහ ණය පොලී අනුපාතය 10% දක්වා පහත දමා ඇති බවයි. ශ්‍රී ලංකාව බරපතල ආර්ථික අගාධයක ගිලෙමින් උද්ධමනය වේගය අතින් ලොව පස් වැනි ස්ථානයට පත් වෙද්දී මිල දී ගැනීම් අධෛර්මත් කිරීමේ පියවරක් ලෙස මහ බැංකුව පොලී අනුපාත ඉහළ දැමූ බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. 6% තිබූ ණය පොලී අනුපාතය 16%දක්වා ද 5% තැන්පතු පොලී අනුපාතය ඒ අනුව 15% දක්වා ද ඉහළ දැමිණි. එහෙත් අද වන විට එදා 70%ක මට්ටමේ තිබූ උද්ධමනය රජයේ මූල්‍ය ප්‍රතිපත්ති තීරණ මත 1.3% දක්වා පහළ බැස තිබේ. එහි ප්‍රතිඵලය ලෙස මෙලෙස පොලී අනුපාත පහත හෙළා ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz