ඒක පුද්ගල ණය ප්‍රමාණය ඉහල යෑමට බලපෑ ප්‍රධාන සාධකය රුපියලේ අගය පහළ යාමයි .. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි..

ඒක පුද්ගල ණය ප්‍රමාණය මේ වන විට ලක්ෂ 12 ඉක්මවා ගොස් ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ රටක රාජ්‍ය ණය ප්‍රමාණය පුද්ගල සංඛ්‍යාවෙන් බෙදූ විට ලැබෙන අගය සංඛ්‍යාත්මක ක්‍රමවේදය වුවද , වැදගත් වන්නේ සංඛ්‍යාත්මක ක්‍රමවේදයට එහා ගිය පුළුල් විවරණයක් මේ සඳහා කළ යුතු බවයි.
එහිදී සංඛාත්මකව බැලීමට වඩා වැදගත් වන්නේ රටක ණය ආපසු ගෙවීමේ හැකියාව සහිත රටක් බවට පත්වීම බව සඳහන් කළ අමාත්‍යවරයා , 2020 සිට 2023 අතර කාලසීමාව තුළ රුපියලේ අගය 45 % කින් පමණ අඩුවීම නිසා තිබූ ණය ප්‍රමාණයේ රුපියල් අගය ඊටට සාපේක්ෂව ඉහළ යාම මෙම තත්ත්වයට 90 % කින් පමණ බලපා ඇති බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.
කෙසේ වෙතත් මෙහිදී වැදගත් වන්නේ බංකොලොත් කියන තත්ත්වයේ සිට ලොව පිලිගත් , එමෙන්ම අන්තර්ජාතික මූල්‍ය ආයතන පිලිගත් රටක් බවට පත්වීම බව සඳහන් කළා අමාත්‍යවරයා මේ වන සිදුවන්නේ කඩිනමින් එම තත්ත්වයට පත්වීම බවද සඳහන්කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *