22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අද සිට ක්‍රියාත්මකව වන පරිදි කැලණිය විශ්වවිද්‍යාලය වසා දමයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය, විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එම පියවර ගෙන තිබේ. වෛද්‍ය පීඨය හැර කැලණිය විශ්වවිද්‍යාලය අද (04) පස්වරු 2 සිට නැවත දැනුම්දෙනතුරු වසා දමන බවයි, කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

ඒ අනුව හෙට (05) උදෑසන 8ට පෙර සියලුම නේවාසික සිසුන් සිය නේවාසිකාගාරවලින් ඉවත්විය යුතු බවයි අදාළ නිවේදනයෙන් සියලුම සිසුන් වෙත දැනුම්දෙනු ලබන්නේ.

එසේම නැවත දැනුම්දෙනතුරු කැලණිය විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය ඇතුළු විශ්වවිද්‍යාලයට අයත් පරිශ්‍රයන් වෙත සහ විශ්වවිද්‍යාලයට අයත් සියලුම අභ්‍යන්තර සහ භාහිර නේවාසිකාගාර ශිෂ්‍යශිෂ්‍යාවන්ට තහනම් කර ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම්දී සිටින්නේ, කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි ආරක්ෂක නිලධාරියෙකු විවේකාගාරයේ නිදා සිටියදී පැහැරගෙනගොස් රඳවාගෙන පහරදී ඔහුව ශිෂ්‍ය මධ්‍යස්ථානයට ප්‍රවේශවන ගේට්ටුවේ ගැටගසා තිබීමේ සිදුවීමට අදාළව විනයානුකූලව පියවර ගෙන අනධ්‍යයන කාර්යමණ්ඩලය සහ ශිෂ්‍යයන් අතර නැවත සාමය ඇතිකිරීම සඳහා මෙම පියවර ගත් බවයි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz