22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ස්වභාවික විපත් හේතුවෙන් ආර්ථිකයට ඇති වන පීඩාව අවම කිරීමට ආපදා කළමනාකරණය සඳහා රුපියල් බිලියන 13ක්.

  • මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වන ස්වාභාවික විපත් රටේ ආර්ථිකයට අහිත කර බලපෑම් එල්ල කරන බවත්, එම බලපෑම් අවම කර ගැනීමේ අරමුණෙන් මෙවර අයවැය මගින් ආපදා කළමනාකරණය සඳහා රුපියල් බිලියන 13ක් වෙන් කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආපදා අවම කිරීම , ආපදාවට පෙර ඒවා හඳුනා ගැනීම, අපදා හානිපූරණය සහ විතැන් කිරීම ඇතුළු ආපදා කළමණාකරණ කටයුතු සඳහා මෙම මුදල් වැය කෙරෙන බවයි. පවතින වර්ෂාවත් සමඟ යටියන්තොට සීපෝත් මාර්ගයේ විශාල බෑවුම් සහිත ස්ථානයක ඉදිකර තිබූ බැම්මක් සමඟ මාර්ගයේ කොටසක් කෑඩී ගිය ස්ථාන නිරීක්ෂණය කිරිම සඳහා අමාත්‍යවරයා අද (05) උදෑසන ගිය අවස්ථාවේදී මාධ්‍යෙව්දීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය. මාර්ගයේ කොටසක් කැඩීයාම නිසා එම ස්ථානයෙන් වාහන ගමනාගමනය දැඩි අවධානම් සහිත කටයුත්තක් බවට පත්ව ඇති බැවින් වහාම එම ස්ථානය සකසා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz