22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

මෙරට ආර්ථික ස්ථායීකරණය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 200ක්.. මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය කියයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණයට සහය දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 200ක් ලබා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. කෙටි කාලීන සහ දිගු කාලීන වැඩසටහන් සඳහා කොටස් දෙකක් ලෙස මෙම මුදල හිමි වෙයි. කෙටි කාලීන වැඩසටහන 2023 වසර තුළ ක්‍රියාත්මක කෙරෙන අතර දිගු කාලීන වැඩසටහන 2024 වසරේ සිට ආරම්භ කෙරේ. ආර්ථිකමය වශයෙන් රට තුළ සිදු කෙරෙන දිගු කාලීන ව්‍යුහාත්මය වෙනස්කම් වෙනුවෙන් අදාළ මුදල ලබා දෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය පිළිබඳ සුබවාදී අපේ්ක්ෂාවෙන් පසුවන අතර එය හිමිවීමෙන් පසු ජාත්‍යන්තර සංවිධානවල සහය ශ්‍රී ලංකාව වෙත තව දුරටත් හිමි වනු ඇතැයි ද අමාත්‍යවරයා අවධාරණය කළේ

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz