22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

සක්වල 54 වන අදියරයෙන් සපුගස්කන්ද මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර සහ උපකරණ

දැයේ දූ දරුවන් සුහුරු ලෝකය වෙත හුරුකරමින්, ඔවුන් අනාගතයේ සුහුරු පුරවැසියන් බවට පත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “සක්වල” වැඩසටහනේ 54 වන අදියර යටතේ, සපුගස්කන්ද මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීම පසුගියදා විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කරන ලදි.

සජිත් ප්‍රේමදාස මහතා විසින් ක්‍රියාවට නංවා ඇති හුස්ම සහ සක්වල වැඩසටහන්වල වැදගත්කම සහ ඒ තුළින් මෙරට ළමා සහ වැඩිහිටි පුරවැසියන්ට ලබාදී ඇති සේවාවන් පිළිබඳවත්, අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගොඩනැගීම තුළින් රටක් ලෙස ඉදිරියට පියනැගිය හැකි අවස්ථාවන් පිළිබඳවත් සජිත් ප්‍රේමදාස මහතා පැහැදිලි කළා.

එමෙන්ම වැරදි ආර්ථික තීන්දු, තීරණ ගනිමින් රට බංකොලොත් කළ පිරිස හේතුවෙන් කුඩා දරුවාගේ සිට මහළු වැඩිහිටියා දක්වා අද විඳීමට සිදුව ඇති දුෂ්කරතා පිළිබඳවත්, ලක්ෂ 220ක් වූ මෙරට පුරවැසියන්ගේ අහිමි කළ මූලික අයිතිවාසිකම්වලට සාධාරණත්වයක් ඉටුකරමින් අහිමි කළ ඔවුන්ගේ මුදල් නීත්‍යානුකූලව යළි ලබාදීම සඳහා ආරම්භ කර ඇති නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කරන ලදි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz