( Mohamed Nazar )
“යුක්ති” මත්ද්‍රව්‍ය හා අපරාධ මර්දන විශේෂ මෙහෙයුම යටතේ 2023.12.20 වන දින රාත්‍රී 10 සිට අලුයම 02 දක්වා මාලිගාවත්ත ලක්ෂිත සෙවණ මහල් නිවාස සංකීර්ණය ආශ්‍රිතව ශ්‍රී ලංකා පොලිසිය , පොලිස් විශේෂ කාර්ය බලකාය , ශ්‍රී ලංකා යුධ හමුදාව ඒකාබද්ධව සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමේදී සැකකරුවන් 30 ක් හා එක් සැකකාරියක් වශයෙන් පුද්ගලයන් 31 ක් අත්අඩංගුවට ගන්නා ලදී.
එහිදී මත්ද්‍රව්‍ය ආශ්‍රිතව වැරදි සදහා සැකකරුවන් 12 ක් ද , සැකපිට සැකකරුවන් 17 ක් ද , විවෘත වරෙන්තුකරුවන් 02 ක් ද අත්අඩංගුවට ගෙන ඇත.
එසේම මෙම මෙහෙයුමේදී හෙරොයින් මිලිග්රැම් 6355 ක්ද අයිස් මත්ද්‍රව්‍ය මිලිග්රැම් 1490 ක්ද අත්අඩංගුවට ගන්නා ලදී.